වැලිගම කප්පරතොට වෙරළට මියගිය කැස්බෑවුන් දෙදෙනකුගේ මළ සිරුරු ගොඩගසා තිබූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කැසැබෑවුන් මුහුදේ යාත්‍රා කරන නැවක හෝ බෝට්ටුවක වැදීමෙන් මියයන්නට ඇතැයි ද මියගොස් දින කිහිපයකට පසු වෙරළට ගොඩගසා ඇතැයි ද වනජීවී නිලධාරීහු කියති.
එක් කැස්බෑවකුගේ කටුව කැඩීගොස් තිබූ අතර උදරය පැලී බිත්තර පවා එළියට පැමිණ තිබිණි.
(තරංග ගුණරත්න)