spot_img
spot_imgspot_img

රෝගියා කොරෝනා හැදී මරුට ඥාතීන් රෝහල දෙවනත් කරයි

පුවත්

විදෙස්

මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන ආ රෝගියකු දික්ඔය මූලික රෝහලට මාරුකර යැවීමට විරෝධය දක්මින් රෝගියා රැගෙන ආ විශාල පිරිසක් වෛද්‍යවරයාගේ රථයට හා ගිලන් රථයට ද පහර දෙමින් රෝහලේ ප්‍රදර්ශනය කර තබූ සෞඛ්‍ය ආරක්ෂිත පුවරු විනාශ කරමින් කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින්  කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඊයේ (07) රාත්‍රියේ ස්වසන ආබාධයකින් පෙළුණු රෝගියා සමඟ විශාල පිරිසක් රෝහලට පැමිණ ඇති අතර එම රෝගියා දික්ඔයට මාරුකර යැවීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඔවුන් මෙලෙස හැසිරී ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී එල්.ඒ.ආර්.අයි.දිල්රුක්ෂි පවසයි.

කොරෝනා රෝග ලක්ෂණ තිබූ එම රෝගියා දික්ඔය රෝහලට ඇතුළත් කර සුළු වේලාවකින් මියගොස් ඇති අතර කරන ලද ඇන්ටිජන් පරීක්ෂණකින් තහවුරු වී ඇත්තේ මියයන විට කොරෝනා ආසාදිතයකු බවයි.

මස්කෙළිය ප්‍රාදේශීය රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බැවින් නේවාසික රෝගීන් ඇතුළත් කරගැනීම නවතා ඇත

මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය පවසන්නේ මේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දුන් බවයි.

මියගිය තැනැත්තා කොරෝනා ආසාදිතයකු බැවින් ඔහු සමඟ පැමිණි පිරිස නිරෝධායනයට යොමුකිරීම අත්‍යාවශ්‍ය බව ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!