spot_img
spot_imgspot_img

දකුණේ ලේකම්වරයකුටත් කොරෝනා

පුවත්

විදෙස්

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සෞඛ්‍ය විෂය භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධූරයේ ද වැඩ ආවරණය කරයි. රෝගලක්ෂණ මතුවීම හේතුවෙන් ගාල්ලේ පුද්ගලික රෝහලකින් ඊයේ (16) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙම ලේකම්වරයාගේ එක් දරුවකු ගාල්ල මහින්ද විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බැවින් එම දරුවාගේ පන්තියේ අද (17) පාසලට පැමිණි සියලුම සිසුන් ආපසු හරවා යවා තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ එම දරුවාට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහු ආසාදිත නොවන බව තහවුරු වී ඇති බවයි.

ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර සිටින අතර ඔහුගේ සමීපතමයන් නිරෝධායනයට යොමුකරමින් සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!