spot_img
spot_imgspot_img

ඩයනා කුමරියගේ දුර්ලභ ඡායාරූප එකතුවක්

පුවත්

විදෙස්

ඩයනා කුමරිය යනු ‍ලෝකයේ සැමගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියකි. එංගලන්තයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාගේ බිරිඳ වූ නිසා නොව ඇයගේ සිත්ගන්නා සුළු ආකර්ශනීය රූපයත්, ඇගේ ගති පැවතුම් සමුදායත් මෙලෙස ජනාදරයට පත්වන්නට හේතුවිය. ඇයගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්හි දී ගන්නා ලද දුර්ලභ ඡායාරූප 40ක් පසුගිය දා බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධියට පත්කර තිබිණි. මේ ඡායාරූප ‍ඔබ මෙතෙක් දැක නැත. මේ ඒ ඡායාරූඵ 40යි.

හන්ටර් සළකුණ සහිත බූට්ස් සපත්තු පැළඳ සිටින ඩයනා සහ චාර්ල්ස්

චාර්ල්ස් හා ඩයනා දරුවන් සමඟ ඩයනා කුමරියගේ මේ දුර්ලභ ඡායාරූපයේ ඇය අත සිටින්නේ විලියම් කුමරුය. කෙන්සිංටන් මාළිගාව ඉදිරිපට දී 1983 දී ගත් ඡායාරූපයකි. ඒ වනවිට විලියම් කුමරු මාස 08ක් වයසැතිය.

මේ ඓතිහාසික ඡායාරූපයේ ඩයනා කුමරියගේ අත අල්ලාගෙන සිටින්නේ තෙරේසා මව්තුමියයි. 1992 වර්ෂයේ දී ඩයනා කුමරිය ඉන්දියාවේ සංචාරය කරන අතරතුර ගන්නා ලද ඡායාරූපයකි.

ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අවස්ථාවක්

ඇගේ මානුෂීයභාවය නිසාම ඩයනා කුමරිය බොහෝ විට හැඳින්වූයේ ජනතාවගේ කුමරිය නමිනි. මේ එයට ඇති සාක්ෂියකි. ඇය ඇදහිය නොහැකි ආදර්ශයකි.

ඩයනා කුමරිය හැරී කුමරු සමඟ 1993 අප්‍රේල් මස 13 වැනි දින තොර්ප් උද්‍යානයේ විනෝදවන අයුරු

කාරයත් සමඟ මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 1981 ජුනි 16 වැනි දිනයේ දී ය.

කළු තොප්පියක් පැළද සිටින ඩයනා කුමරියගේ මෙම ඡායාරූපය 1971 දී බටහිර සසෙක්ස් හි දී ගන්නා ලද්දකි.  ඇයගේ විලාසිතාව අපූරුය. මෙය ඇයට මනාව ගැලපෙන බව පෙනේ.

ඇය රතු පාටින් සැරසී සිටින මේ ඡායාරූපය ගෙන ඇත්තේ 1989 දී එංගලන්තයේ රෝහලකට පැමිණෙමින් සිටිය දී ය.

1990 දී ඩයනා හංගේරියාවට නිල සංචාරයක යෙදී සිටිය දී මෙම ඡායාරූපය ගෙන ඇත

මෙය නම්කර ඇත්තේ පළිගැනීමේ ඇඳුම යනුවෙනි. 1994 දී චාර්ල්ස් කුමරු වරදේ බැඳී ඇති බවට පාපොච්ඡාරණය කළ රාත්‍රියේ දී ඇය මේ ඇඳුමින් සැරසී සිටියාය.

අළුපැහැති ඇඳුම – ඇය 1995 දී ලන්ඩනයේ සර්පන්ටයින් ගැලරියට පැමිණෙන විට ගත් ඡායාරූපයකි.

1989 දී ඩයනා කුමරිය නිල සංචාරයක් සඳහා ගල්ෆ් රටවලට ගිය අවස්ථාවේ දී ගන්නා ලද ඡායාරූපයකි.

1989 පාස්කු දිනයේ දී රාජකීය පවුල ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී  විලියම් කුමාරයා ඩයනාගේ අත අල්ලාගෙන සිටියි.

ස්පාඤ්ඤයේ දී මේ ඡායාරූපය ගෙන ඇත්තේ 1987 වර්ෂයේ දී ය. ඇය විවාහක කතක් හෝ දෙදරු මවක් යැයි කිසිවෙකුත් සිතන්නට නැත.

ඩයනා චාර්ල්ස් කුමරු සමඟ බැංකොක් නුවර සංචාරයක යෙදී සිටින අවස්ථාවක ගත් ඡායාරූපයකි. ඇගේ කොණ්ඩය, අව් කණ්ණාඩි පමනක් නොව සාය දක්වා සියල්ල සැබැවින්ම අද්විතීය හා විස්මිතය. 

විලියම් හා හැරී සමඟ මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 1994 දී ය.

චාර්ල්ස් සහ ඩයනා විවාහවීමට තීරණය කිරීමට පෙර එකිනෙකා ගැන දැන සිටියේ නැත. මේ යුවළ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ලොවට ප්‍රකාශයට පත් කළේ ඉන් දින 12කට පසුවය.

චාර්ල්ස් හා ඩයනාගේ විවාහ මංගල්‍යය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන තරමට එරට ජනතාව එය ආදරයෙන් වැළදගත්හ. 1981 ජූලි 29 වැනි දින එක්සත් රාජධානියේ ජනයා විවාහ මාගල්‍යය ගැන මහත් ප්‍රමෝදයට පත්වූහ.

ඩයනාගේ විවාහ උත්සවයේ කේක් 27ක් තිබිණි. රාජකීය නාවික ඉවුම් පිහුම් පාසලේ ප්‍රධාන බේකරිකරුවා වන ඩේවිඩ් ඇවරි විසින් නිල කේක් නිර්මාණය කරන ලදී.

ඩයනාගේ විවාහ මුදුව ඇයට හිමිවී ඇත්තේ ධූරාවලියේ හිමිකමට අනුවය. ඇයගේ ඛේදජනක මරණයෙන් පසු දැන් ඒ මංගල මුදුව කේට් හට හිමිව ඇත.

ඩයනා ස්වාධීන කාන්තාවක් ලෙස ප්‍රකටවූවාය. රාජකීය විවාහ උත්සවයේ පොරොන්දු කියවීමේ දී පවා ඇය කීකරුවීම යන වචනය ඉවත් කළාය. 2011 දී විලියම් හා කේට් යුවළ ද ඩයනාගේ මාර්ගයම අනුගමනය කළහ.

විවාහයේ ආතතිය හේතුවෙන් ඩයනා රාත්තල් කිහිපයක් බර අඩු වූ බව පැවසේ

ඩයනාගේ විවාහය ළං වෙත්ම චාර්ල්ස් යම් බියක් හා කනස්සල්ලක් අත්විඳීමට පටන් ගෙන තිබිණි. චාර්ල්ස් කුමරු ඒ වනවිටත් ඔහුගේ හිටපු පෙම්වතිය කැමිලා පාකර් පිළිබඳ සිතමින් සිටි බවත් විවාහයට පෙර දින රාත්‍රියේ දී ද කඳුළු සැලූ බවත් සඳහන් වේ . නමුත් පියාගේ බල කිරීම මත ඔහු ඩයනා කුමරිය තෝරාගත් බව පැවසේ. විලියම් හා හැරීගේ උපතින් පසු චාර්ල්ස් කැමිලා සමඟ තිබූ සම්බන්ධ යළි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

විලාසිතා කරුවෝ ඩයනාගේ ඇඳුම් ගැන නිතර අවධානය යොමු කළහ. ඩයනා අනෙක් අයට වඩා තරමක් උසැතිය. ඇයට අවශ්‍ය වූයේ චාර්ල්ස්ට වඩා උසින් අඩුව සිටීමයි. මේ හේතුවෙන් අඩි 05 ක් හා අඟහල් 10ක් උසැති ඇයට උසින් අඩු විළුඹක් සහිත සපත්තු පළඳින්නට සිදුව තිබිණි. ඇය පැළඳි සෑම සෙරෙප්පුවක් ම අලංකාර කෙරිණි.

චාර්ල්ස් මෙන්ම ඩයනා ද නොසන්සුන් ව සිටියහ. ඇය තම ස්වාමිපුරුෂයා හඳුන්වන ලද්දේ වැරදි නමිනි. චාර්ල්ස් පිලිප් වෙනුවට ඇය ඔහු හැඳින්වූයේ පිලිප් චාර්ල්ස අතාර් ජොර්ජ් නමිනි.

රාජකීය විවාහ මංගල්‍යයට ලොව පුරා සෑම කෙනෙකුටම සහභාගී වීමට අවශ්‍ය වී තිබිණි. මේ නිසා එය සජීවීව විකාශනය කළ අතර 3,500කට වැඩි අමුත්තන් පිරිසක් සහභාගී වූහ. රටවල් 74ක විකාශනය කෙරිණි. ලොව පුරා මිලියන 750ක ජනතාවක් එය නැරඹූහ.  මෙතෙක් පැවැති විශාලතම රාජකීය විවාහ මංගල්‍යයයි.

ඩයනා රාජකීය පවුලේ සාමාජිකාවක වීමට පෙර සාමාන්‍ය දැරියකි. නිතිපතා රැකියාවක් කරමින් ඇය සාමාන්‍ය ජීවිතයක් ගත කළාය. විවාහ ගිවිස ගැනීමට පෙර පවා ඇය තමාගේ ම ආදායමක් ලැබූ පළමු රාජකීය මනාලිය වූවාය. ඇය ළදරු පාසල් ගුරු සහායිකාවක ලෙස රැකියාවක නිරතවූවාය.

මේ දෙදෙනාගේ ජීවිතය සුමට නොවීය. ඩයනා සමඟ විවාහවීමට චාර්ල්ස් අකමැතිවීමට උදාහරණන රැසක් තිබේ. 1981 දී විවාහ ගිවිස ගැනීම තහවුරු වී විට ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳී ඇත්දැයි වාර්තාකරුවෙක් ඇසීය. ඩයනා කීවේ “ඇත්ත වශයෙන් ම” යනුවෙනි. චාර්ල්ස් පැවසුවේ “ආදරයෙන් අදහස් කරන ඕනෑම දෙයක්” යනුවෙනි.

ඩයනාගේ ඇඳුම් සැළසුම් කිරීමේ දී නිර්මාණකරුවන් දැඩි ආරක්ෂාකාරී පියවර අනුගමනය කළහ. ඔවුන් ඇතැම් විට සැළසුම් කරන මෝස්තර ආරක්ෂාකාරීව හා සඟවා තබා ගැනීමට පවා කටයුතු කර තිබිණි.

මේ යුවළට පුදුමාකාර මංගල තෑගි ලැබිණි. රේගන් විසින් කැටයම් කරන ලද ස්ටූබන් වීදුරු බඳුනක් සහ අතින් සාදන ලද පෝසිලේන් රාජකීය යුවළට යවන ලදී.

අවාසනාවන්ත අනාවරණය – අගේ විවාහ දිනයේ දී ඩයනාට ප්‍රීතිමත් මුහුණක් තිබුණ ද දුක්ඛිත බවක් ද තිබිණි. එවැනි සැඟවුණු වීඩියෝ දර්ශන 2017 දී නිකුත් කර තිබේ. ඩයනා කුමරිය සිය මිතුරියක වන පීටර් සෙට්ලන් සමඟ කතා කරමින් සිටයි දී වාඩි වී සිටින විට ද ඇය තරමක් දුක්මුසු බවක් පෙන්වයි. එම වීඩියෝ පටයේ දැක්වෙන්නේ ඇයගේ විවාහ මංගල දිනය “මගේ ජීවිතයේ නරකම දිනය” යනුවෙන් විස්තර කිරීමයි. මට මගේ පිටපත ලිවිය හැකි නම්, “මගේ ස්වාමිපුරුෂයා තම ස්ත්‍රිය සමඟ ගොස් නැවත නොඑනු ඇති” ඇැය කැමිලා ගැන සඳහන් කරමින් කියා තිබේ.

ඩයනාගේ මධුසමය – මධුසමය ගතකරන විට ඔවුන් දෙදෙනාට බොහෝ කාලයක් එකට ගත කිරීමට මෙය හොඳ අවස්ථාවක් විය.

කාරයකට නගින අවස්ථාවක් පෙන්වන මෙම ඡායාරූපය ගෙන ඇත්ත් ඇය රාජකීයත්වයට පත්වීමට පෙර 1980 වර්ෂයේ දී ය.

අතිශය මානුෂීය කාන්තාවක වූ ඩයනා 1997 දී ඇන්ගෝලා හි බිම් බෝම්බවලට ‍ගොදුරු වූළුන් බැලීමට ගිය අවස්ථාවක දී ගන්නා ලද ඡායාරූපයකි.

මෙම දුර්ලභ පින්තූරයේ හැරී බකිංහැම් මාළිගය අවට සිටින සෙනඟ දෙස බලා දිව අදින ආකාරය දක්නට ලැබේ.

‍ඩයනා තම මව රයින් ස්පෙන්සර් සමඟ සිටින ඡායාරූපයකි.

ඩයනා කුමරියගේ ජීවිතය කණගාටුදායක ලෙස අවසන්වීමට දින කිහිපයකට පෙර ඇගේ නව පෙම්වතා වූ ඩොඩි ‍ෆයෙඩ් සමඟ සිටින ඡායාරූපයකි. ඊජිප්තුවේ කෝටිපතියකුගේ පුත්‍රයකු වූ ඔහු ඩයනා සමඟ දකුණු දිග ප්‍රංශයේ නිවාඩුවක් ගත කළ ආකාරය මේ ඡායාරූපයේ දැක්වේ.

ඩයනාගේ කොණ්ඩය සැමගේ ආකර්ශනය දිනාගෙන තිබිණි මේ 1988 දී ගත් ඡායාරූපයක ඇගේ කොණ්ඩය දිස්වූ ආකාරයයි. මෙය මෙල්බර්න් හි පැවැති රාජ්‍ය පිළිගැනීමේ උත්සවයක දී ගන්නා ලද්දකි. ඇය තම නව කොණ්ඩා මෝස්තරය ප්‍රදර්ශනය කරමින් සතුටින් සිටී.

ඩයනා කුමරිය වෙරළේ දරුවන් පිරිසක් සමඟ විනෝදයෙන් ගත කරන ආකාරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!