spot_img
spot_imgspot_img

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කිලෝ මීටර 02ක් දිවීමේ යෝග්‍යතා පරීක්ෂණය අද (12) සිදු කෙරිණි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සාමාජිකයන් 36 දෙනකුගෙන් යුතු තාවකාලික පුහුණු සංචිතයේ ක්‍රීඩකයන් 32ක් මෙම පරීක්ෂණයට අද සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද සහභාගී වූහ.

මෙම පරීක්ෂණය ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව සහ විඳ දරාගැනීමේ මට්ටම තීරණය කිරීමේ සම්මත ක්‍රමයක් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විසින් අනුගමනය කරන ලද යෝග්‍යතා පරික්ෂණ ක්‍රම වෙනුවට ආදේශ කරන ලද්දකි. නව පරීක්සණයට අනුව ක්‍රීඩකයන් කිලෝ මීටර 2ක දුර මිනිත්තු 08යි තත්ත්පර 35ක කාලයක දී සම්පූර්ණයෙන් දිව යා යුතුය.

යම් ක්‍රීඩකයකු අසමත් වුවහොත් දින 40ක් ඇතුළත තවත් පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමේ අවස්ථාවව හිමිවෙයි.

කෙසේ වෙතත්, පෞද්ගලික කටයුත්තකට සහභාගී වීම සඳහා නිවාඩු ලබා සිටි කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු හා ධනංජය ද සිල්වා තුවාල ලබා සිටීම නිසාත්, ලහිරු තිරිමාන්න කොරෝනා ආසාදනය වී සිටීමත් හේතුවෙන් මෙම පරීක්ෂණය සඳහා සහභාගී වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!