spot_img
spot_imgspot_img

ගාල්ල කන්නන්ගරයේ පන්ති දෙකක් වැසේ

පුවත්

විදෙස්

ගාල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ සිසුන් දෙදෙනකුගේ මව සහ පියා කෙ‍ාරෝනා ආසාදිතයන් වීම හේතුවෙන් පන්තිකාමර දෙකක් වසා දැමීමට සිදුව ඇති බව විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරයි.

09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකුගේ පියා ගාල්ල මහ නගර සභාවේ සේවකයෙකි. ඔහු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇති අතර එම දරුවා පාසල් පැමිණ තිබූ බැවින් පන්තිකාමරයේ ඉගෙනුම ලැබූ සිසුන්ට නිවෙස්වලම නිරෝධායය වන ලෙස දන්වා ඇත. පන්තිවල දරුවන් කොටස් දෙකකට බෙදා සතියක් හැර සතියක් පාසලට ගෙන්වන බැවින් අද (08) පාසලට පැමිණි එම දරුවාගේ පන්තියේ අනෙක් කොටසේ දරුවන් ද ආපසු හරවා යැවීමට විදුහල් බලධාරීන් කටයුතු කර තිබේ.

මෙම දරුවාගේ මව පසුගිය සිකුරාදා පාසලේ ‍ඩෙංගු මර්ධනය සඳහා පිරිසිදු කිරීමේ වැඩසටහනකට ද සහභාගී වී ඇතැයි පාසල් ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ සඳහා තවත් දෙමාපියන් තිදෙනකු සහභාගී වී ඇත.

05 වැනි ශ්‍රේනියේ ඉගෙනුම ලබන දරුවාගේ මව ආසාදිත වී ඇති අතර පසුගිය සතිය පුරාම එම දරුවා පාසලට පැමිණ නොමැති බැවින් පන්තියට අවදානමක් නොමැත. එසේ වුව ද අද දිනයේ පැමිණි සිසුන් කිහිප දෙනකු ආපසු හරවා යවා තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට එම සිසුන් දෙදෙනා ඇතුළු පවුලේ සාමාජික සාමාජිකාවන් නිරෝධායනයට යොමුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!