spot_img
spot_imgspot_img

මුදල් පසුම්බිය නැතිව ගනුදෙනු කරන ක්‍රමය HNB වෙතින්

පුවත්

විදෙස්

ඔබ නිවසින් පිටව යනවිට මුදල් පසුම්බිය ගෙන ගියේ නැත්නම් විඳින්නට සිදුවන අපහසුතා ගැන අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ලෝකය වෙනස් වෙමින් තිබේ. දැන් මුදල් පසුම්බියක් නැති මිනිසකු බවට පත්වීමේ අවස්ථාව ඔබට උදා වී තිබේ.

ඒ මෙරට QR සංකල්පය හඳුන්වාදීම හේතුවෙනි. මේ නිසා ඔබට මුදල් පසුම්බියක් අවශ්‍යවන්නේ නැත. ඔබේ අතේ නිතරම රැඳී ඇති ස්මාර්ට් ජංගම දුරකථනය පමණක් ඔබේ සියලුම මිලදී ගැනීම් සහ ගෙවීම් සඳහා ප්‍රමාණවත් වනු ඇත. එවන් යුගයකට ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටීම සැබැවින්ම පැසසුම් කටයුතුය.

මෙය කොළඹ සුපිරි පැලැන්තියට පමණක් සීමා වූ සේවාවක් නොවේ. ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේ සිටින ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරන ඕනෑම අයකුට ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමවේදයකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වී ඇත්තේ සියලු ව්‍යාපාරිකයන් සහ ගනුදෙනු කරුවන් අතර මේ සේවාව ප්‍රචලිත කිරීමයි.

මුදල් නොට්ටු නොමැතිව ගනු දෙනු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති ලංකා QR සංකල්පය අනුව යමින් හැටන් නැෂනල් බැංකුවෙන් ක්‍රියාත්මක කරන සෝලෝ ගෙවීම් ක්‍රමවේදය ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සහ ගනුදෙනු කරුවන් සඳහා හඳුන්වා දීම ගාල්ල හැටන් නැෂනල් බැංකු ශාඛාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී සිටි අතර  හැටන් නැෂනල් බැංකුවේ අළෙවි ප්‍රධානී චම්මික වීරසිංහ මහතා, කාඩ්පත් අංශ ප්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය, දකුණු පළාත් ව්‍යාපාරික ප්‍රධානී රාජිත විජේනායක මහතා, ණය ප්‍රධානී ශලින්ද කරුණාරත්න මහතා, දකුණු පළාත් මෙහෙයුම් ප්‍රධානී මොහාන් අලිගියවඩු මහතා, ගාල්ල ශාඛාවේ එරංගා අබේවික්‍රම මහත්මිය ඇතුළු හැටන් නැෂනල් බැංකු නිලධාරී නිලධාරිනියන් ද සෝලෝ ව්‍යාපෘතිය සඳහා එක්ව සිටින ගාල්ලේ ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගී වි සිටියහ.

එහි දී මෙම වැසටහන හඳුන්වාදෙමින් අදහස් දැක්වූ හැටන් නැෂනල් බැංකුවේ අළෙවි ප්‍රධානී චම්මික වීරසිංහ මහතා මෙසේ කීවේය.

“මෙම සෝලෝ පේමන්ට් ඇප් එක (SOLO App) මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දුන් ලංකා QR සංකල්ප වැඩසටහන යටතේ මුදල් භාවිතයකින් තොරව සෘජු ගනුදෙනුවක් කරන්න පුළුවන්. QR කෝඩ්ස් සියලු වෙළෙඳ සැල්වල ස්ථාපිත කරලා මෙය ජනතාව අතර ප්‍රචලිත කළ යුතුයි. අපි අද සූදානම් වෙන්නේ ගාල්ලේ මේ සෝලෝ ව්‍යාපෘතිය ප්‍රචලිත කරන්න. SOLO App එක ඕනම ස්මාර්ට් දුරකථනයකින් භාවිතා කළ හැකියි. වෙළෙඳ සැල් මගින් ලංකා QR සේවය ලබාත් විට ඕනෑම ගනුදෙනුකරුවකුට හැකියාව තිබෙනවා මේ කෝඩ් එක ස්කෑන් කරලා ගනු දෙනු කරන්න. මේ සඳහා හැටන් නැෂනල් ගනුදෙනු කරුවෙක් වෙන්න ම ඕනෑ නැහැ. ලංකාවේ සියුල බැංකු මේ ජලායට සම්බන්ධවී තිබෙනවා. ඒ නිසා අපේ ගනුදෙනු කරුවන්ටත් තමන්ගේ ඉතිරිකිරිිමේ හෝ ජංගම ගිනුම් මගින්. ඒ වගේම මාස්ටර්, වීසා, ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් මේ සෝලෝ වැඩසටහන හරහා මුදල් රහිත ගනුදෙනුවක් කරන්න පුළුවන්. යම් වෙළෙඳ ආයනයක් තමන්ගේ අළෙවි ද්‍රව්‍ය හෝ සේවාවක් ගෙදරටම ගෙනත් දෙනවා නම් ඒ වෙළෙඳ ආයනයට හෝ සේවා අයතනයට කෙලින්ම මුදල් මේ ඇප් එක හරහා  යොමු කරන්න පුළුවන්. ජල විදුලි දුරක්ථන රක්ෂණ වාරික ගෙවීම් ඇතුළ ගෙවීම්  රාශියක්  මේ හරහා පහසුවෙන්  සිදුකළ හැකියි.”

හටන් නැෂනල් බැංකුව සතුව ගනුදෙනුකරුවෝ මිලියන 03ක් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටිති. ඔවුන් මේ වනවිට තම සියලුම ගනුදෙනු කරුවන්ට මෙම සොලෝ යෙදුම SOLO App හඳුන්‍වා දෙමින් සිටින අතර ව්‍යාපාරික ප්‍රජාව ද මේ ක්‍රමයට ගනුදෙනු කිරීම සඳහා යොමුකරමින් සිටියි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංකල්පය වන්නේ ද ව්‍යාපාරික ස්ථාන මිලියනක් පළමු අදියරේ දී මෙම ක්‍රමයට ගනුදෙනු කිරීම සඳහා යොමුකිරීමයි.

“ඇත්තටම මෙය ඉතාමත් ආරක්ෂිත ගනුදෙනු ක්‍රමයක්. ආරක්ෂිත මුදල් පසුම්බියක් වගේ. මේ කොරෝනා වසංගතය නිසා මාර්ගගත අධ්‍යාපනය වඩාත් ප්‍රචලිත වීමත් සමඟ අධ්‍යාපන ආයන පවා අප සමඟ අත්වැල් බදගත්තා. දරුවන්ට පන්ති ගාස්තු ගෙවීම් වගේම පාඩම් කටයුතු සඳා පොත් පත් මිලදී ගැනීම් සඳහා මෙන්ම දේශන සඳහා ගෙවීමවලටත් මෙය ඉතා පහසුවක්.”

හැටන් නැෂනල් බැංකුව පවසයි. මුදල් නෝට්ටු භාවිතයෙන් තොරව ගනුදෙනු කිරීමේ ක්‍රමය නූතන ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින අතර එය ශ්‍රී ලංකාවේ දී ද ආරක්ෂිත ගනුදෙනු ක්‍රමයක් වනු ඇත. 

SOLO App Download

Download

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!