කොරෝනා ආසාදනය වී අසාධ්‍යව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීමට අධි තාක්ෂණික ක්‍රම භාවිතයට ගන්නා එක්මෝ යන්ත්‍රයට නොහැකි විය. අද (02) ඔහු ජීවිතයෙන් සමුගත්තේය.
ශ්‍රී ලංකාවේ මේ දක්වාම ඇත්තේ එකම එක එක්මෝ යන්ත්‍රයක් පමණි. එය සවිකර තිබෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ නිසා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබිණි.
පුරා වසරකට වැඩි කාලයක් කොරෝනා වසංගතය මෙරට වර්ධනය වෙමින් තිබුණ ද නිව්මෝනියා රෝගය උත්සන්න වී ඔක්සිජන් හුවමාරුව ඇණහිටින රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට භාවිතා කරන එක්මෝ යන්ත්‍ර මෙරට ඇත්තේ එකක් පමණක් වීම බරපතල ගැටලුවකි.
කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වූ විට වෙන්ටිලේටර් භාවිතා කරන අතර එමගින් හුස්ම ගැනීම පහසු කළ ද රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්‍රය භාවිතා කිරීම සිදුකරයි.
එය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ශිරාවක් ඔස්සේ සිරුරේ ඇති රුධිරය ඉවත් කර එහි කාබන් ඩයොක්සයිඩ් ඉවත්කර ඔක්සින් රුධිරයට එකතුවීමට සළස්වා ධමනියක් තුළට යළි රුධිරය ඇතුළු කිරීම සිදුකරයි. මෙම ක්‍රියාවලිය සඳහා භාවිතා කරන එක්මෝ (EKMO) යන්ත්‍රය (Extra corporeal membrane Oxygenation) වරකට භාවිතා කළ හැකිවන්නේ එක් රෝගියකු සඳහා පමණි.

කොරෝනා වසංගතය ඇතිවීමට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ සවිකරන ලද මෙම යන්ත්‍රය මී උණ රෝගීන් කිහිප දෙනකු සඳහාත් කොළඹ දී පිහිනුම් තටාකයට වැටී ක්ලෝරීන් පෙවී අසාධ්‍ය තත්ත්වයට පත්වූ සිසුවියක සඳහාත් භාවිතා කර තිබිණි..
එම යන්ත්‍රය එක් වරකට භාවිතා කළ හැක්කේ එක් රෝගියකු සඳහා පමණි. එක් රෝගියාගෙන් රෝගියාට එහි භාවිතා වන නාල පද්ධතිය වෙනස්කරන බවත් වැඩිහිටි රෝගීන් සඳහා සහ ළමා රෝගීන් සඳහා වෙනස් වූ නාල පද්ධතියක් ඇති බවත් එම එක් පද්ධතියක් සඳහා රුපියල් ලක්ෂ 10ක් වැනි අධික මුදලක් වැයවන බවත් වෛද්‍යවරු කියති.
ශ්‍රී ලංකාවේ ඇත්තේ මෙවැනි එක්මෝ යන්ත්‍ර එකක් පමණක් වුව ද ලෝකයේ බොහෝ රටව එක්මෝ ඒකක රෝහල්වල ස්ථාපිත කර තිබෙන බවත් මෙවැනි වසංගත තත්ත්වක දී ඒවා විශාල වශයෙන් ප්‍රයෝජනවත් වූ බවත් නොරහසකි.
නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රමාණවත් තරම් නොමැතිවීමත් වසංගත තත්ත්වයක් වර්ධනය වූ අවස්ථාවක දී පවා එවැනි උපකරණ නොගෙන්වීමත් බරපතල ගැටලුවකි.
හික්කඩුව 306-1 ඒ සිංහ සමාජයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක නිශ්ශංක ඈපාලියන පවසන්නේ මෙවැනි යන්ත්‍ර කිහිපයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා ගැනීමට ජර්මනිය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ඔහුගේ මැදිහත්වීමෙන් සිංහ සමාජය ද එක්ව ජර්මන් රජයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ළමා දැඩි සත්කාර ඒකකයක් ද ඉදිකරන ලද අතර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ එක්මෝ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමයි.
එක්මෝ යන්ත්‍රයක් නැති වුණාට ඇන්ටිජන් යන්තර නිරෝධායනය වෙන්න හොටල් නම් ඕනෙ තරම්.එක්මෝ යන්ත්‍ර ගෙන්වීම ගජමිතුරෙකුට බාර දීලා ආණ්ඩුවේ සල්ලි ටිකක් වහාම දේවි.
ඉතාම හොද ලිපියක් ………..නිවැරදි පැහැදැලි කිරිමත් එක්ක තිබිම වැදගත්
හොද ලිපියක් වැදගත් කරුණු රාශියක් දැනගත්තා