-0.3 C
New York
Home Blog Page 1312

අනතුරේ වගකිව යුත්තා කවුද ?

0

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් කරන්දෙණියේ දී බසයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේ පුවත ඊයේ (14) මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.

එම දැරිය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය තරමක් බරපතල වුව ද ජීවිත අවදානමක් නොමැති බව වෛද්‍යවරු කියති.

මේ වනවිට එම අනතුරට සම්න්ධ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් වී තිබේ.

එම දර්ශන පරීක්ෂා කළ ඔබට යම් විශේෂ කරුණක් පෙනී යනු නොඅනුමානයි. දැරිය මාර්ගයේ වම් පසින් (යා යුතු වන්නේ දකුණි) ඉදිරියට ගමන් කරන අතරතුර ඇයගේ ඉදිරියට මාර්ගයේ දකුණු පැත්තේ (වමින් ධාවනය කළ යුතු) යතුරුපැදියක් පැමිණෙයි. මේ නිසා සිසුවියට පාරේ තවත් අයිනට වීමට ඇති ඉඩ ඇහිරෙන බව පැහැදිලි කරුණකි. මේ යතුරුපැදි කරු සිසුවිය පසුකරනවාත් සමග බස් රථය පැමිණේ. අනතුරුව ඇය බසයේ හැපේ. යතුරුපැදිකරු නැවතී ආපසු හැරී බලා එතැනින් ඉවත්වෙයි.

යතුරුපැදිකරු මේ අනතුරේ ප්‍රධාන සාධකයක් නොවන්නේ ද ?

-Advertisement-

යාල හෝටලයකත් ආසාදිතයෙක්

0

යාල සංචාරක හෝටලයක සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගත නොහැකි වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

ඔහු සමීපව ඇසුරුකළ පිරිස් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇත

-Advertisement-

අම්බලන්ගොඩ පුද්ගලික රෝහලක් වසා දමයි

0

කොරෝනා රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් පැමිණීම හේතුවෙන් අම්බලන්ගොඩ නගරයේ පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.

හික්කඩුවේ පදිංචිකාරිනියක වන ඇය මේ වනවිට පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා  හික්කඩුව රෝහලට යොමු කර ඇත. ඇගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට සිදුවන බව සෞඛ්‍ය අංශ පවසයි.

-Advertisement-

පෘතුගාලයේ හදිසි තත්ත්වයක්

0

පෘතුගාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිරයන බැවින් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජය තීරණය කර තිබේ. අගමැති ඇන්ටෝනියෝ කොස්තා බදාදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එසේ කීවේය.

ආපදා තත්ත්වය ප්‍රකාශයට පත්කරමින් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමෙන් වයිරසය පාලනය කිරීමට අතිරේක ක්‍රියාමාර්ග ගැනීමට රජයට සුවිශේෂී බලතල ලැබෙන බවයි.

ඒ අනුව පොදු ස්ථානයන් පුද්ගලයන් එක්රැස්වීම පස් දෙනකුට නොවැඩි ලෙස පාලනය කිරීමටත්, පාසල් සහ විශ්වවිද්‍යාල වැනි ආයතනයන්හි සැමරුම් හා අනධ්‍යයන කටයුතු පවා නවතා දැමීමට හැකි බවත් මංගල උත්සව බෞතීස්ම වැනි පවුල් උත්සව උපරිම අමුත්තන් 50කට සීමා කිරීමටත් හැකි බව අගමැතිවරයා කීවේය.

-Advertisement-

ප්‍රදේශ කිහිපයක මුහුද රළු වෙයි

0
Giant waves break near the lighthouse at Peggy's Cove, Nova Scotia.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළ‍‍ඟේවේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70ක් දක්වා වැඩි විය හැකි බැවින් එම ඉදිරි පැය 24 දී එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදේ සුළං වේගය ද කන්කසන්තුරේ සට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා සුළං වේගය ද පැයට කිලෝ මීටර 50-60ත් දක්වා වැඩි විය හැකි බැවින් එම ප්‍රදේශවල ද මුහුද රළු විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

-Advertisement-

රුසියාව තවත් එන්නතක් අත්හදා බලයි

0

කොවිඩ් -19 ට එරෙහිව යොදාගත හැකි දෙවැනි එන්නත ද සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමර් පුටින් පවසයි.

රුසියාව පසුගිය අගෝස්තු මාස‍යේ දී නව කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් අත්හදාබැලූ බව නිවේදනය කළේය. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් -19 වයිරසයේ පාලනය සම්බන්ධයෙන් රුසියාවේ කැබිනට් අමාත්‍යවරු සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී බදාදා ජනාධිපතිවරයා මේ බව හෙළිකර තිබිණි.

රුසියාවේ මෙම එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇතැම් විද්‍යාඥයන් විමතිය පළකරයි.

-Advertisement-

භූමිකම්පා බෝම්බය වසර 75කට පසු නිෂ්ක්‍රිය කරයි

0

පෝලන්තයෙන් හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් දැවැන්ත බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සඳහා 750ක පමණ පිරිසක් සිය නිවාස වලින් ඉවත් කිරීමට සිදුවී තිබේ. මෙය මෙතෙක් පෝලන්තයෙන් හමුවී ඇති විශාලම බොම්බය බවත් මෙහෙයුම සඳහා දින පහක් පමණ ගතවනු ඇති බවත් නාවුක හමුදාව පවසයි.

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද මෙය “භූමිකම්පා” බෝම්බය ලෙස නම්කර ඇත. ඒහි බර කිලෝග්‍රෑම් 5,400ක් පමණ වන අතර පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,500ක් පමණ අඩංගු වන බවට ගනනය කර තිබේ.

බෝල්ටික් මුහුද ඔ්ඩර් ගඟ හා සම්බන්ද කරන පියස්ට් ඇළ මාර්ගයෙන් බෝම්බය සොයාගත් අතර ඒය 1945 වර්ෂයේදී ජර්මනියේ ලුට්සොව් යුධ නැවට හෙළනු ලැබූ ඒකක් බව පැවසේ.

-Advertisement-

තන පට රහිත ජාත්‍යන්තර දිනය

0

”තන පට රහිත” ජාත්‍යන්තර දිනය (International No bra day) යෙදී තිබුණේ ඊයේ (13) දවසේ.

මේ දිනය ගැන ඇහුවම පිරිමි වගේම ගැහැනු අයත් පොඩ්ඩක් කුතුහලයෙන් බලන්න පුළුවන්. ඔලුවට යන්නේ අමු කුණුහරුපයක් වගේ දෙයක් වුණාට තන පටය කිව්වම ගැහැනු විතරක් නෙවෙයි පිරිමිත් ඒ ගැන උනන්දු වෙනවා කියන එක අමුතු දෙයක් නෙවිය. ක්ෂීරපායී සත්ත්වයන් වන මිනින් වර්ගයත් තමන් කිරිබීපු ”තනය” ගැන උන්දුවක් නැත්නම් පුදුමයක් නේ. ඒ විතරක් නෙවෙයි එය ලිංගික උද්දීපනය ඇතිකරන අවයවයක්.

මේ දිනයට හේතුව ඔබට මතුපිටින් පේන සරළ විහිලුව නෙමෙයි,මේකෙන් සංකේතවත් කරන්නෙ පියයුරු පිලිකා පිලිබඳ දැනුවත් කිරීම දිරි ගැන්වීමයි! ඒවගේම කාන්තාවන් පෙලෙන මේ අසීරු තත්වය ගැන පිරිමි සමාජයට යම් පණිවුඩයක් ලබාදීමයි. හැම වසරකම ඔක්තොම්බර් මාසය ජාත්‍යන්තරව පියයුරු පිළිකා ගැන කතාබහට ලක් කරන මාසය.

ඔබේ වෛද්‍යවරයා ඔබට කිව්වොතින්” ඔබට පියයුරු පිළිකාවක් තිබෙනවා “කියලා.

ඔයා වෛද්‍යවරයාගෙන් කවදාවත් අහන් නෑ” මට මගෙ පියයුර නැති වෙනවද?”. කියලා .

ඒ වෙනුවට ඔබ අහන්නෙ… හෝ ඔබේ හිතට එකවරම එන්නෙ” අනේ මට මගේ ජිවිතය නැති වේවිද” කියන බියයි.’

තේරුම් ගන්න.. ඔබ බය වෙන්නෙ පිළිකා වර්ගයට නෙමෙ. අනේ ඔබ බය වෙන්නෙ පිළිකාව කියන නමටයි.

ඒ කාලේ මහරගම අපේක්ශා රෝහලට හැමෝම භාවිතා කරපු ජනප්‍රිය නාමය උනේ ” පිළිකා රෝහල” කාලයත් එක්ක අපි සභ්‍ය වෙද්දි අපි ඒකට කියන්න ගත්තා පිළිකා වෛද්‍ය පර්යේෂණ ආයතනය කියලා.

මේ මොන නමින් කීවත් පිළිකාව කියන නම කියවෙද්දි ඒක මරණයේ ද්වාරය එහෙම නැත්තම් මරණයේ දොරටුව කියන බියකින් හිත වෙලාගන්න එක කාටවත්ම නවත්වන්න බෑ.

පිලිකාව කියන තුච්ඡ අසික්කිත වචනය අත් හැරලම දාලා

” අපේක්ශා රෝහල ” කියන නම වහරට ආවම මම ගොඩක් සතුටු උනා. හේතුව පිලිකා රෝහල කියන නම ඇහිච්ච ගමන් පිලිකා රෝගියෙකුගෙ ආත්ම ශක්තියෙන් 95% ක්ම කඩා වැටෙනවා. ඕන ශක්තිවන්ත මිනිහෙක්ගෙ ආත්ම ශක්තිය පවා දෙදරවන වචනය ” පිළිකාව” පිළිකා රෝහලට නොයෙන ගමන් යන්න කවුරුත් කැමති නෑ. ඔබ දැන් යන්නේ අපේක්ෂාවේ රෝහලට.

ඔබ විශ්වාස කරනවද? ” අපේක්ශා රෝහල” හුදු වචනයක්ම නෙමෙයි. ඒක පණ ටික ගැහි ගැහි ඉන්න දුප්පත් හිත්වලට ඔක්සිජන් ටිකක් කියලා!!

පියුයුරු පිළිකා එහෙම නැත්තම් ප්‍රණාල පිළිකා .ඔව් එක වර්ගයක් විතරයි.

ඔබ කාන්තාවක් හැටියට මසකට වතාවක් ස්වයං පියයුරු පරික්ෂාවක් කරගන්නවද?

හිනාවෙන්නෙපා. ඔබ දැනටමත් මසකට වතාවක්වත් අවම වශයෙන් පියයුරු පරික්ෂාවක් කර නොගන්නවා නම් ඔබ අවදානමක, ලංකාවෙන් වසරකට වාර්තා වන පිළිකා රෝගීන්ගෙන් සියලු පිළිකා වර්ග අතරින් 27% ක් හිමිවෙන්නෙ පියයුරු පිළිකා තත්වයට. දළ වශයෙන් ශ්‍රී ලංකාවෙ වසරකට පියයුරු පිළිකා රෝගින් 2500 ක් පමණ වාර්තා වෙනවා. ( සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යා දත්ත)

ඒ වගේම ඔබ දැනගත යුතුයි. බොහෝ පිළිකා වර්ග අතරින් සුව කිරිමේ ඉහළ සම්භාවිතාවක් ඇති වර්ගය පියයුරු පිලිකා බව.

ඔබ මේකත් අහලා ඇති පියයුරු පිළිකා තත්වය රෝගි පියයුර ඉවත් කිරීමෙන් පාලනය කල හැකි බව. නමුත් ඔබ දැනුවත් ද? වසරකට ලෝකය පුරා පියයුරු පිළිකා රෝගින් මිලියන 1.7 ට ආසන්න ප්‍රමාණයක් අලුතෙන් හඳුනා ගන්නා අතර වසරකට එයින් ආසන්න වශයෙන් ලක්ෂ 6 ක් මිය යන බව ?

ඇයි මිය යන්නේ ඔබට යම් ප්‍රමාණයකට පාලනය කල හැකි පියයුරු පිළිකාවෙන් ඔබ මිය යන්නෙ ඇයි ? ප්‍රධානතම වරද මුල් අවදියේදි ඔබ පිළිකාව හදුනා නොගැනීම හා නිසි ප්‍රතිකාර සදහා යොමු නොවීම. ස්වයං පියයුරු පරික්ෂාවක් කරගන්නෙ කොහොමද?

හොඳයි යන්න කන්නාඩියක් ඉදිරියට. ඔබේ පියයුරු හොඳින් ස්පර්ශ කරන්න.. මේ වෙනස්කම් ඔබේ අත්ලට දැනෙනවද?

# පියයුරු වල හැඩයේ වෙනස්වීමක්.

# පියයුරු වල ගැටිත්තක් හෝ ඝන වීමක්.(බොහෝ දුරට වේදනාකාරි නොවන)

# පියයුරු මතුපිට වල ගැස්මක්.

# පියයුරු මතු පිට සමේ වර්ණ වෙනසක්.

# පියයුරු මතු පිට තුවාලයක් හෝ දදයක්.

# තනපුඩු වලින් ලේ හෝ ස්‍රාවයක් ගැලීම.

# තනපුඩු ඉදිමීම හෝ වේදනාකාරී වීම.

මේ කිසියම්ම වෙනසක් ඔබට දැනෙනවා නම් වහාම ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුමයි. එහිදි වෛද්‍යවරයා ඔබව යොමු කරනවා මැමොග්‍රෑම් පරීක්ෂණයකට ( පියයුරු වල විශමතා අනාවරණය කිරීමේ X කිරණ පරික්ෂණය). මැමෝග්‍රෑම් හරහා ඔබ තුල පිළිකා සෛල වර්ධනය වනවාදැයි යම් රෝග විනිශ්චයකට ලක් කල හැකියි.

පියයුරු පිළිකා සඳහා වැඩි අවදානමක් සහිත කාන්තාවන් කවුද?

# මින් පෙර පිළිකාවක් ඇතිවී ප්‍රතිකාරගත් කාන්තාවන්

# පියයුරු පිළිකා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්

# වයස අවුරුදු 11 ට පෙර ඔසප් වීම ආරම්භ වු කාන්තාවන්

# අවුරුදු 55 පසුවීත් ආර්ථවය නතර නොවු කාන්තාවන්

# දරුවන් ලබා නොමැති කාන්තාවන්

# මව්කිරි ලබා නොදුන් කාන්තාවන්

# පළමු දරු උපත අවුරුදු 35 ට පසුව සිදුවූ කාන්තාවන්

මේ අතරින් ලෝක සෞඛ්‍ය. සංවිධානය අවදානම් කලාප නම් කරනවා. 35-55 ත් අතර පලමු අවදානම් කලාපය් 55-70 අතර දෙවන කලාපය නමුත් මෙයින් අදහස් වෙන්නෙ නෑ මේ වයස් සීමාවන්ට හසු නොවන ඔබ ආරක්ශිත බව? ඔබ පාසල් යන දැරියක් සමයේ පටන් ඔබ ඔබේ පියයුරු ස්වයං පරික්ෂාවකට ලක් කළ යුතුමයි. යම් හෙයකින් ඔබ පියයුරු පිළිකාවක් දරන්නෙකු බව තහවුරු උවහොත් මේ තත්වය පාලනය කිරීමට රසායනික චිකිත්සාව ශෛල්‍ය කර්ම මගින් පියයුරු ඉවත් කිරිම හෝ කොටසක් ඉවත් කිරිම , විකිරණ ප්‍රතිකාර ආදියට යොමු වෙන්න පුලුවන් වෛද්‍ය උපදෙස් මත. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබේ ශරිරය පිලිබද ඔබට ඇති දැනුවත් භාවය. විමසිලිමත්බව. යම් හෙයකින් ඔබ මුල් අදියරේදි පියයුරු පිළිකාව හදුනා නොගන්නා තරමට ප්‍රමාද වීමෙන් ඔබේ පියයුරු අහිමි වෙන්න පුළුවන්. සමහර විට මේ කතා කරන මොහොතේ ඔබ පියයුරු අහිමි තැනැත්තියක් වෙන්න පුළුවන්. එක් පියයුරක් අහිමි වීමෙන් පස්සේ හෝ දෙකම අහිමි වීමෙන් ඔබට හිතෙනවද ඔබ අංග සම්පුර්ණ ගැහැනියක් නොවේය කියලා? එහෙම හිතෙනවා නම් පිළිකාවට ලක් වූ අයෙකුගෙ අත්දැකිම් ඇසුරින් ඩයිජස්ට් සඟරාවට ලියවුනු ලිපියක පුංචි කොටසක් මා මෙතනට පිටපත් කරන්නම්

“මා අතිශයින් කෝපයට පත් ව සිටින්නෙ මා ගැනමය.. තව දුරටත් මා අංග සම්පුර්ණ ගැහැණියක බව මගෙ සැමියා සිතාවිද? , පිළිකාව ට ගොදුරු වීමට පෙර මා තුල සිටි ගැහැණිය තවමත් මා තුළම සිටින බව මගේ සැමියා විශ්වාස කරාවිද? යන සිතුවිල්ලෙන් මම බලවත් පීඩාවකට පත් වූයෙමි. එහෙත් පුදුමයකට මෙන් පෙර ඉතා සුන්දර පිරිපුන් පියයුරු සහිතව සිටියදි මෙන්ම, දැන් එක් පියයුරක් මුළුමනින්ම ඉවත් කොට, අනෙකද සැලකිය යුතු තරම් කුඩා කර තිබියදි පවා මා සම්පූර්ණ ගැහැණියක බව ජිවිතය මට ඉගැන්නුවේය. මා මා ගැනම පරිපුර්ණව සිතන තාක් කල් මගේ ජිවිතයත්, මගෙ විවාහයත් , මගේ ශක්තීනුත් පරිපුර්ණ බව මට වැටහිණි. මගේ සැබෑ පියයුර නොමැතිව තිබියදි පවා මට පෙරට වඩා අංග සම්පුර්ණ ගැහැනියක විය හැකි බව පිළිකාව මට උගන්වා තිබිණි.”

ඒ වචන ටික මාව සසල කලා, පිරිමියෙකුගෙ ආලය ගැහැණියකගේ පියයුරකට කේන්ද්‍ර වූවක් නම් ඔබ තවමත් ආදරය දැක නැත. ඔබ ගැහැණියක් වන්නෙ ඔබේ පියයුර නිසා හෝ ඔබට පියයුරක් තිබු පමණින් ඔබ ආදරයට සුදුසු වන්නේත් නැත. මාංශයෙන් එහා අධ්‍යාත්මය වැළදගන්නා පිරිමියෙකුට පියයුරක් යනු හුදු මස් වැදැල්ලක් මිස ආදරය නොවේ. පියයුරු සහිතව හෝ රහිතවත් ඔබට තව දුරටත් ගැහැණියක් ලෙස සිටිය හැකියි. එහෙත් ආත්ම විශ්වාසය අත් හලදාට ඔබට නැතිවන්නේ ගැහැණුකම හෝ පිරිමිකම නොවේ ජිවිතයයි.

දැනුම්වත් වෙන්න. කල්පනාකාරි වෙන්න.

(මේ ලිපිය ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතාගේ Facebook පිටුවෙන් උපුටා ගත්තත් ඔහු කියන්නේ ඒක ඔහුගේ ලිපියක් නෙවෙයි කියලා. අපි කතුවරයා දන්නේ නැහැ. ඒ නිසා කතුවරයාගේ අයිතිය නාමිකව පිරිනමන්න නොහැකි වුණත් rata.lk අපි මෙහි මුල් කතුවරයාට හිසනමා ආචාර කරමින් එහි කතු අයිතිය පිරිිනමනවා. මේ සටහන දුටුවොත් අපට පණිවිඩයක් දෙන්න ([email protected]) ඔබේ නම මෙහි සටහන් කළ යුතුයි.)

-Advertisement-

ජාතීන්ට අනුව ඉඩම් වෙන් කරන්නේ නෑ.

0

ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හමුවේ අද කියා සිටියාය.

ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියේ දිවුලපතාන ප්‍රදේශයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන් අද (14) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී අදහස් දකවමිනි.

මේ සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමානික්කම් සානකියන් මහතා, ගෝවින්දන් කරුණාකරන් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි. සෙල්වරාජ් මහතාත්, මඩකලපුව නගරාධිපති ටී.සරවනබවන් මහතාත් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් මායිම් ප්‍රදේශයේ පිහිටි දිවුලපතාන ප්‍රදේශයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ජනතාවට ලබා නොදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ඔවුන් එහි දී කියා සිටියේ මෙම ඉඩම් මඩකලපුවේ පශුකර්මාන්තයේ යෙදෙන ජනතාවගේ ගවයන් ආහාර සපයාගන්නා තෘණ භූමි බවයි. එම ඉඩම් කෘෂිකර්මාන්තයට යොදා ගැනීමෙන් ජාතීන් අතර ගැටුම් ඇතිවිය හැකියැයි ද ඔවුහු පැවසූහ.

එහි දී ආණ්ඩුකාරවරිය කියා සිටියේ මෙම ඉඩම් ලබාදෙන්නේ 2015 වර්ෂ‍යට පෙර එම ඉඩම්වල වගා කටයුතු කළ පිරිසට කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් බවයි. එලෙස ඉඩම් ලබාදුන්න ද ඒවා සින්නක්කර අයිතියකට ලබානොදෙන බවත් ඉඩම් පවරාදීම හෝ අත්පත් කරගැනීම තම වගකීම නොවන බවත් ඇය කියා සිටියාය.  

එ‍සේ වුව ද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මේ සඳහා කිසිසේත්ම එකඟවූයේ නැත. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ මෙම ඉඩම් කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සම්බන්ධයෙන් තමන් අධිකරණ ක්‍රියාමාර්ග පවා ගන්නා බවයි.

” ජාතීන් මත පදනම්ව තීන්දු තීරණ ගැනීම මගේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඉඩම් ඒ ඒ ජාතීන්ට වෙන වෙනම අයිති නැහැ. මේවා රජයේ ඉඩම්. රජය ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන ගැටලු විසඳන්න කටයුතු කරන්නනේ නැහැ. සියළුම පුරවැසියන්ට අපි එක හා සමානව සේවය කරන්න බැඳී සිටිනවා. අපි ඉදිරියේ දී මේ ගැටලුව විසඳන්න සියලුම පාර්ශව කැඳවා සාකච්ඡාවක් කරමු. කොරෝනා වැනි වසංගත තත්ත්වක් නිසා අපි පිටරටින් ආහාර ගෙන්වීම සීමා කරලා රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න සැළසුම් කරලා තිබිය දී මේ වගේ ඉල්ලීම් කිරීම ඇත්තටම කණගාටුදායකයි. “

යනුවෙන් ආණ්ඩුකාරවරිය මෙහි දී කියා සිටියාය.

-Advertisement-

කොරෝනා සමාජගතයි. මාධ්‍ය නිවැරදි දේ කිව යුතුයි

0

(රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා විසිනි.)

වසංගතවේදයේ දී අහඹුවක් නොවන රෝගීන්ගේ එකතුවන් පොකුරක් (cluster) ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස Brandix ආයතනය තුල විශාල කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවීම පොකුරක් ලෙස හැදින්විය හැකියි.

මේ අතර එවැනිම තවත් ආයතන ගණනාවක් තුළද දැනට හමුවන රෝගීන්ගේ එකතුවීම් එවැනි පොකුරු ගණනාවක් ලෙස සැලකිය හැකි වුවත් ඒවා Brandix පොකුරේ කොටස් නොවේ.

එසේ නමුදු මේ සියල්ල ඔක්තෝබර් මාසයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇතිවූ කොරෝනා පොකුරු ලෙස හැදින්විය හැක. එනමුත් මේ සියල්ල එකතැනකට සීමාවූ බව හෝ එකම මුලාශ්‍රයකින් ආරම්භවූ බව ඉන් කියවෙන්නේ නැත. ඉන් තහවුරුවන්නේ මේ ආයතන තුළ බහුලව රෝගය සම්ප්‍රේෂණය වනබව පමණි.

මීට සමාන්තරව සමාජය තුල රෝග පැතිරීම සිදුවන බවට ඇති සම්භාවිතාව වසංගතවේදය අනුව ඉතා ඉහළයි. එනමුදු ආශ්‍රිතයන් ඇසුරු කිරීමේ කාලය සහ ආශ්‍රයේ තීව්‍රතාවය කර්මාන්තශාලාවක් තුල සිටින ආශ්‍රිතයන්ට වඩා බෙහෙවින් අඩු බැවින්, රෝගය පැතිරයාමද ඉතා සෙමෙන් සිදුවේ.

එබැවින් මෙය තවමත් මැනවින් විද්‍යාමාන නොවේ. එනමුදු එකිනෙකට සමාන්තර ආයතන කිහිපයක පොකුරු හමුවීම තුළ ආසාදිතයන්ගේ සමාජ සංචරණය පැහැදිළිවන අතර ආයතනවලින් ඔබ්බට සමාජයේ ආසාදිතයන් ඇතිබවට පැහැදිලි සාක්ෂි සපයයි.

සාරාංශයක් ලෙස දැනට Brandix පොකුරද ඒ අවට තවත් ඇගලුම් කම්හල් වල පොකුරු කිහිපයක්ද පැහැදිලි ලෙස ඇති අතර මේ කර්මාන්තශාලාවල පිහිටීම අනුව මේ දිනවල කොරෝනා පොකුරුගතවිම සිදුවන්නේ මිනුවන්ගොඩ සහ කටුනායක අසල බව පැහැදිලිය. “මිනුවන්ගොඩ පොකුර” යන යෙදුම ව්‍යංගාර්ථයෙන් මේ සියල්ල එකතැනකට ලඝු කෙරෙන සහ ජනතාව නොමග යවන සුළු බැවින් ජනමාධ්‍ය භාවිතයේදී පැහැදිලි සහ තාක්ෂණිකව නිවැරදි තොරතුරු භාවිත කිරීම අත්‍යවශ්‍යය.

මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා
-Advertisement-