කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
විපක්ෂ නායකත්, සෞඛ්‍ය ඇමතිනියත් ගැටෙති
පාර්ලිමේන්තුව අද (20) රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය රෙගුලාසි අනුව පාර්ලිමේන්තුවේ දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බව පවසමින් ඒ් පිළිබඳ ප්‍රශ්න කළේය. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට විරෝධය දැක්වීම හේතුවෙන් දෙදෙනා අතර සංවාදය වඩාත් උණුසුම්විය.
විපක්ෂ නායක – ඔක්තෝබර් 15 වැනි දා 2197/25 නමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. සෑම අවස්ථාවක ම මුව ආවරණයක් පැළැඳ සිටිය යුතුයි. තැනැත්තන් දෙදෙනකු අතර මීටර එකකට නොඅඩු දුරස්ථබාවයක් පවත්වාගෙන යා යුතුයි. ඒ වගේ ම මෙම නියෝග කඩකිරීම රෝග වැළැක්වීමේ ආඥා පනතේ හතරවැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් හැටියටත් එම පනතේ පස්වැනි වගන්තියත් 2005 අංක 12 දරණ දඩ වැඩි කිරීමේ පනත යටතේ මාස 12 සිර දඬුවමක් හෝ රුපියල් 2000.00කට නොඅඩු රුපියල් 10,000.00කට නොවැඩි දඩයක් නියම කළ හැකි වරදක් කියා තිබෙනවා. මේ පාර්ලිමේන්තුව රැස්වන මේ අවස්ථාවේ මේ වගේ නීති රීති රෙගුලාසි මේ ඔක්තෝබර් 15ට පෙර කිසිසේත්ම ක්‍රියාත්මක වුණෙ නැහැ. මේ ප්‍රථම වතාවට එළිදක්වන්නේ. ඒ එළිදැක්වීම තුළ ඔබතුමාට බොහොම පැහැදිලිව පෙනෙනවා මේ සමාජ දුරස්ථබාවය කියන ඒ නීතිය රීතිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ පාර්ලිමේන්තුව කියන රටේ නීති සම්පාදනය කරන උත්තරීතර සභාවක මේ පාර්ලිමේන්තුවේ නිර්මාණය වූ අණපනත් හරහා ක්‍රියාත්මක වන රෙගුලාසි කඩ කරනවා මේ මොහොතෙත් ඒකි මම ආරම්භයේ දීම කතාකරන්න ඔබතුමාගෙන් ඉල්ලීමක් කළේ.
දැන් ඔබතුමාත් මේ වෙලාවේ මුව අවරණයක් නොපැළඳීම තුළ ඔබ තුමත් ඒක කඩ කරනවා.
(කතානායක ඇතුළු සභාවේ සිනා)
ඔබතුමාත් ඒක කඩ කරනවා.
කතානායක – තියාගෙන තියෙන්නේ මේ. කතා කරන්න.
විපක්ෂ නායක – ඔබතුමත් ඒක කඩ කරනවා. මම මේ බොහොම ගෞරවයෙන් කියන්නේ ඒ නිසා මම කරන ඉල්ලීම මේකයි. මේ හදන රෙගුලාසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක ආකාරයකට ක්‍රියාත්මක වෙනවා ද ? රටේ පුරවැසියන්ට තවත් ආකාරයකට ක්‍රියාත්මක වෙනවා ද ? ඒ වගේම මම ඉලන්න කැමතියි මේ රෙගුලාසිවල තියෙන ආකාරයකට අපි සමාජ දුරස්ථභාවය තියෙන විදියට මේ පුටු ටික හදලා සභාවේ කටයුතු පවත්වාගෙන යමු.
(සභාවෙන් ඝෝෂා)
ඉන් පසුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යමු. එහෙම නැත්නම් සිදුවන්නේ මට ඔබතුමා කියන්න දැන් මේ සභාවේ අපි කතාකරන කොට මේ මුව ආවරණ පැළඳගෙන ද කතා කරන්නේ නැතුව ද ?
ඔබතුමා දෙන්න තීන්දුව. මොක්ක ද තීන්දුව ? මොක්ක ද තීන්දුව ?
කතානායක – ඔබතුමා කැමති ආකාරයකට කතා කරන්න.
විපක්ෂ නායක – ඒ වගේම මම ඔබතුමාගෙන්
කතානායක – අපිට කතාකරන එකයි වුවමනාව
විපක්ෂ නායක – මම ඔබතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. බොහොම කාරුණිකව. මේ චක්‍රලේඛය හරියට ක්‍රියාත්මක කරන්න.
(මේ අවස්ථාවේ කතානායක වරයා තම මුඛ ආවරණය පැළඳ ගනියි)
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා – ගරු කථානායකතුමනි, විපක්ෂනායකතුමා අද දින මතුකරන වෛද්‍ය කාරණය පිළිබඳ කාරණාව පක්ෂ නායකයන් රැස්වූ අවස්ථාවේ දී ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂනායකවුරුද ආණ්ඩුපක්ෂයේ අමාත්‍යවරු ද රැස්වී පාර්ලිමේන්තු මේ සතියේ පවත්වන වැඩපිළිවෙල සාකච්ඡා කරලා තීරණකට එළැබිලයි රැස්වන්නේ. ඒ සාකච්ඡාවෙ දී ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව අද දිනටත් රැස්වීම පිළිබඳවත් මේ සතියේ වැඩපිළිවෙලටත් එකඟතාව පළකරලා තයි අපි විසිර ගියේ. මම එය සිහිපත් කරනවා. ගරු විපක්ෂනායතුමා සමහරවිට නොදන්නවා ඇති පක්ෂ නායක රැස්වීමේ දී මේ තීරණය ගත් බව.
පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය. – ගරු කතානායකතුමනි, මම විපක්ෂනායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැසට් එක සම්බන්ධව ගැසට් නිවේදනය ඔබතුමා හරියට කියවන්න. කියවන්නේ නැතිව මෙතැන ඇවිත් කතාකරන්න එපා. ඒකේ පොදු ස්ථානය කියන එක හරියටම ඒකේ අපි ඉන්ටර්ප්‍රිට් කරලා තියෙනවා. ඒකට පාර්ලිමේන්තුව ඇතුළත් වෙන්නේ නැහැ.
(සභාවේ ඝෝෂා)
විපක්ෂ නායක – මම ස්තූතිවන්ත වෙනවා මුළු රට ඉදිරියේ ම මුළු ලෝකයා ඉදිරියේ ම පවිත්‍රා අමාත්‍යතුමිය කියනවා පාර්ලිමේන්තුව ඇතුලට එක නීතියක්. එළියට එක නීතියක්. ඒක තමයි එතුමිය කියන්නේ. පුදුම නීතියක් මේක.
කතානායක – ඔව් අමාත්‍යතුමිය
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – මම කිසිසේත්ම කිව්වේ නැහැ පාර්ලිමේන්තුවට එක නීතියක් පාර්ලිමේන්තුවට එක නීතියක් කියලා (ඝෝෂා) මට කතා කරන්න දෙන්න. මම කිව්වේ ගරු කතානායකතුමනි, පොදු ස්ථානය කියන්නේ කුමක් ද කියා ගැසට් පත්‍රයේ අර්ථ නිරූපනය කර තිබෙනවා. ඒ පොදු ස්ථානවලට පාර්ලිමේන්තුව වගේ තැන් ඇතුලත් වෙන්නේ නැහැ. එළියේ තැනුයි පොදු ස්ථාන ලෙස අර්ථ නිරූපනය කර තියෙන්නේ. කියවන්නේ නැතිව වගකීමකින් තොරව කතා කරලා විපක්ෂ නායකතුමාට පාර්ලමේන්තුවේ වෙලාව නාස්ති කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායක – මම ස්තූතිවන්ත වෙනවා මගේ මතක්කිරීමෙන් පස්සේ ඔබතුමත් මුව ආවරණය පැළඳීම පිළිබඳව
කතානායක – සිනා සෙයි
විපක්ෂනායක – ගරු කතානායක තුමනි, දැන් ඔබතුමා කියන්නේ මෙතුමියගේ මේ රෙගුලාසි අනුව දැන් අපිට මේවා ඉවත් කරගෙන කතා කරන්න පුළුවන් ද?
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – පුළුවන්
විපක්ෂ නායක – පුළුවන් ද ?
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – පුළුවන්
විපක්ෂ නායක – එහෙම ද ? පුළුවන් ද ? ඒක ද නීතිය ?
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ රටේ පුද්ගලයෙක් විදියට සෞඛ්‍ය උපදේශ පිළිපැදීම. වගකීමකින් තොරව පිළිපදින්නේ නැත්නම් ඒක ඔබතුමාගේ රටට තියෙන ආදරය බලාගන්න පුළුවන් මිම්ම.
විපක්ෂ නායක – එක අතකින් මෙතුමිය කියනවා මේ ගැසට් පත්‍ර සහ මේ නියෝග මෙතැනට අදාල නැහැ මොක ද මේක පොදු තැනක් නෙවෙයි කියලා. තවත් පැත්තකින් එතුමිය කියනවා අපට වගකීමෙන් හැසිරෙන්නලු. මොකක්ද මේ දෙබිඩි කතාව ? මොකක් ද මේ දිව දෙකේ කතාව ?
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – ගරු කතානායක තුමනි, මෙතැනට ඒ ගැසට් පත්‍රය අදාලයි. මෙතුමා ඒ ගැසට් පත්‍රය කියවන්නේ නැතිව
කතානායක – ඔතනින් මේ ප්‍රශ්නය නතර කරමු. ඔතනින් මේ ප්‍රශ්නය නතර කරමු.
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – ගැසට් පත්‍රය කියවන්නේ නැතිව මෙතැනට ඇවිල්ලා පොදු ස්ථානයන් කියලා අර්ථ නිරූපනය කර තිබෙන්නේ එළියේ පරිශ්‍රයන් ඒ නිසා ඒ අර්ථ නිරූපනයන් හරියට තේරෙන්නේ නැතිව කියෝ ගන්නේ නැතිව පාර්ලිමේන්තුවේ කාලය නාස්තිකිරීම වැරදියි.
විපක්ෂ නායක – මම එතුමියට උත්තර දෙන්න යන්නේ නැහැ. මොක ද කොහෙද යන්නේ මල්ලේ පොල් කතාව මුළු රටම දැක්කා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ පාර්ලිමේන්තුව තාවකාලිකව නතර කරලා මේ දුරස්ථභාවය ස්ථාපනය කරලා (කතානායක තුමා මේ අවස්ථාවේ නෑ. නෑ. කියයි.) මේ ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව මේ රස්වීම ක්‍රියාත්මක කරන්න ඒකයි අපේ ඉල්ලීම
කතානායක – විපක්ෂ නායකතුමාට මතක්කරන්න කැමතියි දෙවැනි ලෝක සංග්‍රාමය අවස්ථාවේ ලන්ඩන් නුවරට බෝම්බ වරුසාවක් වැටෙද්දී පාර්ලිමේන්තුව රැස්වුණා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කල්දාන්නේ නෑ. පවිත්‍රා
වන්නිආරච්චි ඇමතිතුමිය – පොදු ස්ථාන කියන්නේ මේ අභ්‍යන්තරව හෝල් ඇතුලේ නෙවෙයි. එළියේ ප්‍රදේශ තමයි. ඒ නිසා කොහේද යන්නේ මල්ලේ පොල් කතාව කිව්වේ විපක්ෂ නායකතුමා මිසක් මම නෙවෙයි.
විපක්ෂ නායක – මම කණගාටුවෙනවා මේ කොවිඩ් සම්බන්ධයෙන් මේ හදපු රෙගුලාසි ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ නායකත්වයෙන් මේ පාර්ලිමේන්තුව අපොහොසත් වීම ගැන කණගාටුවෙනවා
පාර්ලිමේන්තුවට දැන්වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව
20 වන ව්‍යවස්ථාවට සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය මීට සුළු වේලාවකට පෙර කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ වු අතර, එහිදී කථානායකවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
කතානායකවරයා විසින් තීන්දුව ප්‍රකාශ කළේ මේ ආකාරයෙනි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 – 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 – 1 ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 -5 ව්‍යවස්ථාව අනුව, විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව, ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවත්, එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනූකූලතාවය යෝජිත කාරකසභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මඟින් ඉවත් කළ ගත හැකි බවත්, 5 වන වගන්තියේ ඇති අනනූකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මඟින් ඉවත් කර ගැනීමට කළ හැකි බව ද ශ්‍රේාධිකරණය විසින් තීරණය කර ඇත.“
ඇමෙරිකාවේ ලාස් වේගාස් කඨින පිංකම
ඇමෙරිකාවේ සිට සිරි හීන්පැල්ල ලියයි
ඇමෙරිකාවේ ලාස්වෙවේගාස් නුවර පිහිටි ”ලක්ඛන දහම් පියස” බෞද්ධ විහාරස්ථානයේ ඔක්තෝබර් 17 වැනි දින වාර්ෂික කඨින පූජෝත්සවය පැවැත්විණි.
පූජ්‍ය නාවල ලක්ඛන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකරන ලද මෙම විහාරස්ථානයේ පැවැති එම පූජෝත්සවය සඳහා ලාස් වේගාස්හි වාසය කරන බොහෝ ශ්‍රී ලාංකිකයෝ පැමිණ සිටියහ. නෙවාඩා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය අලවල සුභූති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කඨින පූජෝත්සවය සඳහා දායකත්වය දක්වන ලද්දේ පිපයනන්ද අලුගොඩ මහතා ප්‍රමුඛ පවුලේ සාමාජික සාමාජිකාවන් විසිනි.
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ශ්‍රීලංකාවේ ජනතාව ඇතුළු ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මෙම පිංකමේදී සිදුවූ විශේස කර්තව්‍යයකි.
යෝෂිත නාවික හමුදාවෙන් ඉවත්වූ බව කියයි
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා එම තනතුර භාරගැනීමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව දැනුම් දෙයි.
ඔහු අග්‍රාමත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නව තනතුර භාර ගැනීමට පෙර නාවික හමුදාවෙන් ඉල්ලා අස්වී තිබේ ද යන්න පිළිබඳ විවිද පර්ශවයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබිණි.
ඒ සියල්ලට පිළිතුරු දෙමින් යෝෂිත රාජපක්ෂ මහතා පවසන්නේ තමන් මීට මාස 08 කට පමණ පෙර නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් භාර දී තිබූ බවයි. එම ලිපිය සඳහා පසුගිය ඔක්තෝබර් 10 වැනි දින අනුමැතිය ලබා දී ඇති බවත් ඉන් පසු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීධූරයට ඔහු පත්කිරීම සඳහා ඔක්තෝබර් මස 12 වැනි දින කැබිනට් මණ්ඩලයෙන් ලැබුණු අනුමැතියට අනුව ඔක්තෝබර් මස 15 වැනි දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරී ආරම්භ කළ බවත් හෙතෙම පවසයි.
යහපාලන රජය පැවැති කාලයේ දී වසර හතරක් ඔහුගේ නාවික හමුදා සේවය අත්හිටුවා තිබූ අතර එම කාලයේ දී තම පියා සමග සේවය කිරීමෙන් ලබාගත් අත්දැකීම් මෙම ධූරයේ කටයුතු කරගෙන යාමට ඉතා පහසුවක් බව ද හෙතෙම සිහිපත් කළේය.
2006 වර්ෂයේ සිට 2020 දක්වා වසර 14ක් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළේය. එම කාලයේ දී යුක්රේනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සහ ආචාර්ය උපාධියක් ලබා ඇති බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.
මහින්දයේ නවෝද් පරණවිතාන LPL ගහන්න යයි
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් T-20 තරඟාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායමට තෝරාගෙන ඇති ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන එම තරඟාවලියේ ලාබාලතම ක්‍රීඩකයා වෙයි.
LPL තරඟාවලිය කණ්ඩායම් 05ක් අතර දින 15ක් පුරා පැවැත්වෙන අතර එය නොවැම්බර් 21 වැනි දින ආරම්භවීමට නියමිතය. පැවැත්වෙන තරඟ සංඛ්‍යාව 23කි.
තවමත් 18 වැනි වියේ පසුවන නවෝද් පරණවිතාන මහින්ද විද්‍යාලයේ 17 පහළ කණ්ඩායමේ නායකයාව සිටිය දී ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිකරගත් අතර එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා මෙන්ම වේග පන්දු යවන්නකු ද විය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරඟාවලියට ද සහභාගී වූයේය.
2002 මැයි මස 16 වැනි දා ගාල්ලේ දී උපන් නවෝද් පරණවිතාන 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියේජනය කිරීමේ වරම් දිනාගන්නා විට ඔහුට යන්තම් වයස අවුරුදු 15යි මාස 07ක් වූවා පමණි. 2015 වර්ෂයේ දී වයස අවුරුදු 13 න් පහළ පාසල් ක්‍රිකට් තරඟවල දී ලකුණු දහස ඉක්මවා (1182) රැස්කළ නවෝද් 2017 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ තරඟවල දී ලකුණු දහස ඉක්මවමින් ලකුණු 1023ක් රැස්කළේය.
පසුගිය ක්‍රීඩා වාරයේ දී වාර්තාගත ඉනිමක් දියත්කළ නවෝද් පරණවිතාන ලකුණු 409ක් රැසක්ළේ ලකුණු 400 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි. 2019 වර්ෂයේ දී වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා සම්මානයත් ශ්‍රී ලංකාවේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා සම්මානයත් දිනාගත්නවෝද්ගේ දස්කම් පිළිබඳ විශ්වාසය තැබූ කළම්බු කිංග්ස් කණ්ඩායම ඔහු තම කණ්ඩායමට ඇතුළත් කර ඇත. මෙය තවමත් පාසල් ක්‍රීඩකයකු වන නවෝද් පරණවිතානට ජාත්‍යන්තර ක්‍රීඩකයන් හා එකම පිටියක දස්කම් දැක්වීමට ලැබෙන අපූරු අවස්ථාවක් වනු ඇත. rata.lk අපි නවෝද් පරණවිතානට සුබ පතන්නෙමු.
(නවෝද් පරණවිතාන සමඟ පැවැත්වූ සාකච්ඡාවක් rata.lk වෙබ් අඩවියේ අද සවස පළකිරීමට නියමිතය)
ඔබ කුලියාපිටියේ ද ? ආරක්ෂාවන්න.
කුලියාපිටියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඊයේ (19) රාත්‍රී වනවිට තවත් රෝගීන් 14 දෙනකු හඳුනාගැනීමත් සමඟ මෙම සංඛ්‍යාව වාර්තාවෙයි.
පසුගිය ඔක්තෝබර් 02 වැනි දා කුලියාපිටියේ පල්ලියක පැවැති විවාහ මංගල්‍යයකට සහභාගී වූ පිරිස අතරින් මෙම ආසාදිතයන් සියලු දෙනා වාර්තා වී තිබේ.
මේ වනවිට කුලියාපිටියේ ඌරුපිටිය, ගයියාල, අන්නරුව සහ පල්ලෙවෙල යන ගම්මානවල සංචරණ සීමා පනවා ඇතැයි පොලිසිය පවසයි.
මෙම ආසාදිතයන් විවාහ උත්සවයෙන් පසු කුලියාපිටියේ වෙනත් පල්ලියක පැවැති ආගමික උත්සවයකට ද සහභාගී වී ඇති බව අනාවරණය වී තිබේ.
රිෂාඩ් නිරෝදායනයට. රීට් පෙත්සම සළකා බැලීම අද
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රිෂාඩ් බදුයිදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන තරුණ වරධකරුවන්ගේවිශේධන මධයස්ථානය වෙත යොමුකළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා රිෂාඩ් බදුයිදීන් මන්ත්‍රීවරයා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (20) සළකා බැලීමට නියමිතය.
20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (20) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කැබිනට් අනුමැතිය හිමිවූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සැප්පතැම්බර් 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පසුගිය 10 වැනි දා කතානයකවරයා වෙත යොමුකරනු ලැබිණි.
ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් විවිධ පාර්ශව විසින් ගොනු කරනු කළ අතර ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමුකිරීමට කටයුතු කළේය.
අදාළ තීන්දුව අද (20) උදෑසන පෙරවරු 10.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊට අදාළ විවාදය හෙට (21) සහ අනිද්දා (22) පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන් අනතුරුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටද නියමිතය.
කඨින පිංකම් සෞඛ්‍ය නීති අනුව
කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් කඨින පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකරන ලෙස අස්ගිරි හා මල්වතු මහා විහාරවිසින් දැනුම් දී තිබේ.
මාධ්‍යයට අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ ඒ් පිළිබඳ අදහස් දැක්වූහ.
සම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දෙමින් අවම පිරිසක් සහභාගීකරගනිමින් කඨින පිංකම් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඒ අනුව සියලු විහාරස්ථානවලට දැනුම් දී ඇත.




















