ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් T-20 තරඟාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායමට තෝරාගෙන ඇති ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන එම තරඟාවලියේ ලාබාලතම ක්‍රීඩකයා වෙයි.

LPL තරඟාවලිය කණ්ඩායම් 05ක් අතර දින 15ක් පුරා පැවැත්වෙන අතර එය නොවැම්බර් 21 වැනි දින ආරම්භවීමට නියමිතය. පැවැත්වෙන තරඟ සංඛ්‍යාව 23කි.
තවමත් 18 වැනි වියේ පසුවන නවෝද් පරණවිතාන මහින්ද විද්‍යාලයේ 17 පහළ කණ්ඩායමේ නායකයාව සිටිය දී ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිකරගත් අතර එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා මෙන්ම වේග පන්දු යවන්නකු ද විය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරඟාවලියට ද සහභාගී වූයේය.
2002 මැයි මස 16 වැනි දා ගාල්ලේ දී උපන් නවෝද් පරණවිතාන 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියේජනය කිරීමේ වරම් දිනාගන්නා විට ඔහුට යන්තම් වයස අවුරුදු 15යි මාස 07ක් වූවා පමණි. 2015 වර්ෂයේ දී වයස අවුරුදු 13 න් පහළ පාසල් ක්‍රිකට් තරඟවල දී ලකුණු දහස ඉක්මවා (1182) රැස්කළ නවෝද් 2017 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ තරඟවල දී ලකුණු දහස ඉක්මවමින් ලකුණු 1023ක් රැස්කළේය.
පසුගිය ක්‍රීඩා වාරයේ දී වාර්තාගත ඉනිමක් දියත්කළ නවෝද් පරණවිතාන ලකුණු 409ක් රැසක්ළේ ලකුණු 400 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි. 2019 වර්ෂයේ දී වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා සම්මානයත් ශ්‍රී ලංකාවේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා සම්මානයත් දිනාගත්නවෝද්ගේ දස්කම් පිළිබඳ විශ්වාසය තැබූ කළම්බු කිංග්ස් කණ්ඩායම ඔහු තම කණ්ඩායමට ඇතුළත් කර ඇත. මෙය තවමත් පාසල් ක්‍රීඩකයකු වන නවෝද් පරණවිතානට ජාත්‍යන්තර ක්‍රීඩකයන් හා එකම පිටියක දස්කම් දැක්වීමට ලැබෙන අපූරු අවස්ථාවක් වනු ඇත. rata.lk අපි නවෝද් පරණවිතානට සුබ පතන්නෙමු.
(නවෝද් පරණවිතාන සමඟ පැවැත්වූ සාකච්ඡාවක් rata.lk වෙබ් අඩවියේ අද සවස පළකිරීමට නියමිතය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here