ඇමෙරිකාවේ ලාස් වේගාස් කඨින පිංකම

0
264

ඇමෙරිකාවේ සිට සිරි හීන්පැල්ල ලියයි

ඇමෙරිකාවේ ලාස්වෙවේගාස් නුවර පිහිටි ”ලක්ඛන දහම් පියස” බෞද්ධ විහාරස්ථානයේ ඔක්තෝබර් 17 වැනි දින වාර්ෂික කඨින පූජෝත්සවය පැවැත්විණි.

පූජ්‍ය නාවල ලක්ඛන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකරන ලද මෙම විහාරස්ථානයේ පැවැති එම පූජෝත්සවය සඳහා ලාස් වේගාස්හි වාසය කරන බොහෝ ශ්‍රී ලාංකිකයෝ පැමිණ සිටියහ. නෙවාඩා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය අලවල සුභූති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කඨින පූජෝත්සවය සඳහා දායකත්වය දක්වන ලද්දේ පිපයනන්ද අලුගොඩ මහතා ප්‍රමුඛ පවුලේ සාමාජික සාමාජිකාවන් විසිනි.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ශ්‍රීලංකාවේ ජනතාව ඇතුළු ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මෙම පිංකමේදී සිදුවූ විශේස කර්තව්‍යයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here