යෝෂිත නාවික හමුදාවෙන් ඉවත්වූ බව කියයි

0
46

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා එම තනතුර භාරගැනීමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව දැනුම් දෙයි.
ඔහු අග්‍රාමත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නව තනතුර භාර ගැනීමට පෙර නාවික හමුදාවෙන් ඉල්ලා අස්වී තිබේ ද යන්න පිළිබඳ විවිද පර්ශවයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබිණි.
ඒ සියල්ලට පිළිතුරු දෙමින් යෝෂිත රාජපක්ෂ මහතා පවසන්නේ තමන් මීට මාස 08 කට පමණ පෙර නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් භාර දී තිබූ බවයි. එම ලිපිය සඳහා පසුගිය ඔක්තෝබර් 10 වැනි දින අනුමැතිය ලබා දී ඇති බවත් ඉන් පසු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීධූරයට ඔහු පත්කිරීම සඳහා ඔක්තෝබර් මස 12 වැනි දින කැබිනට් මණ්ඩලයෙන් ලැබුණු අනුමැතියට අනුව ඔක්තෝබර් මස 15 වැනි දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරී ආරම්භ කළ බවත් හෙතෙම පවසයි.
යහපාලන රජය පැවැති කාලයේ දී වසර හතරක් ඔහුගේ නාවික හමුදා සේවය අත්හිටුවා තිබූ අතර එම කාලයේ දී තම පියා සමග සේවය කිරීමෙන් ලබාගත් අත්දැකීම් මෙම ධූරයේ කටයුතු කරගෙන යාමට ඉතා පහසුවක් බව ද හෙතෙම සිහිපත් කළේය.
2006 වර්ෂයේ සිට 2020 දක්වා වසර 14ක් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළේය. එම කාලයේ දී යුක්රේනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සහ ආචාර්ය උපාධියක් ලබා ඇති බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here