1.7 C
New York
Home Blog Page 1305

හේමාස් රෝහලෙන් ජ’පුර රෝහලට ගිය අයකුට කොරෝනා

0

තලවතුගොඩ හේමාස් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන පසුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලවෙත මාරු කර යවන ලද රෝගියකු කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත.

හේමාස් රෝහලේ බලධාරීන් අද (22) මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔක්තෝබර් 19 වැනි දින රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණි රෝගියකු වෛද්‍ය උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලට යැවූ බවයි. මෙම රෝගියා පසුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

හේමාස් රෝහල පවසන්නේ කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වූ පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන බැවින් මෙම රෝගියා පොදු ස්ථානවලට අනාවරණය නොවූ බවයි. එමෙන්ම වෙනත් කිසිම රෝගියකු සමග එම රෝගියා සමීප නොවූ බව ද හේමාස් රෝහල තහවුරු කරයි.

කෙසේ වෙතත් අදාල රෝගියා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමත් සමග පහත සඳහන් පියවර අනුගමනය කළ බව හේමාස් රෝහල නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

  1. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රෝගියා හා ස්පර්ශ වූයේ යැයි සැක සහිත පුද්ගලයන් පිළිබඳ සොයා බලා ඇත.
  2. කාර්ය මණ්ඩලයේ අට දෙනකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ
  3. මේ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කර ඇත.
  4. කාර්ය මණ්ඩලය සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර එම පරීක්ෂණ සියල්ල සෘණාත්මක වී ඇත.
  5. කාර්ය මණ්ඩල සාමාජිකයන් දින 14 නිරෝධායනය අතරතුර 07 වැනි දින සහ 14 වැනි දින නැවත පීසීආර් පරීක්ෂණ සිදු කරයි.
  6. සෑම පැය දෙකකට වරක් රෝහලේ මතුපිට පෘෂ්ඨ විෂබීජහරණය කරනු ලබන අතර හදිසි ප්‍රතිකාර ඒ්කකය අදාල ආසාදිතයා පැමිණි මාර්ගවල ඇති සියලු පෘෂ්ඨ විෂබීජහරණය කර ඇත.
  7. මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒ්කකය ඇතුළු හේමාස් රෝහලේ සියළු අංශ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙයි.

එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලීන් සියල්ල අනුගමනය කරමින් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවත් පැමිණෙන සියලු රෝගීන් හා ඔවුන්ගේ ඥාති හිතවතුන්ගේ ආරක්ෂාවත් පිළිබඳ හේමාස් රෝහල සැළකිලිමත්වෙමින් කටයුතු කරන බවත් සහතික කරයි.

-Advertisement-

20 සම්මතයි. පක්ෂව 156යි. විපක්ෂව 65

0

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී 2/3ක ඡන්දයෙන් සම්මත විය.
එහි දී පනතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 65කි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

එම පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව මේ වනවිට පැවැත් වේ.

ඉන් අනතුරුව තෙවනවර ඡන්ද විමසීම පැවැත් වේ.

පනතට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රිවරු වන

සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ මහත්මිය, අර්වින්ද් කුමාර් මහතා, ඉෂාක් රහ්මාන් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් මහතා, ෆයිසාල් කාසිම් මහතා, එච්.එම්.එම්.හරීස් මහතා, එම්.එස්.තව්ෆීක් මහතා සහ මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ.ඒ.එස්.එම්.රහීම් මහතා යන මන්ත්‍රීවරු අට දෙනා පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

-Advertisement-

ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 15ක්

0

අහුංගල්ලේ මළ ගෙදර පැමිණීමෙන් කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයන් වූ 15 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (22) තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අහුංගල්ල – ඌරගහ මාර්ගයේ කටුවිල ප්‍රදේශයේ පිහිටි මළ ගෙදරකට පසුගිය 12 වැනි දා පැමිණි කොළඹ නැව් තටාංගන සේවකයකු ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු එම නිවසේ සිටි පිරිස් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකෙරිණි. ඊයේ (21) ඒ් අතරින් 03 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබිණි.

අද (22) ලැබුණු පීසීආර් වාර්තා 34 ක් අතරින් 15 දෙනකුගේ වාර්තා පොසිටිව් වි තිබේ. ඒ් අනුව අහුංගල්ලේ මළ ගෙදර සිටි පුද්ගලයන් 18 දෙනකු මේ වනවිට ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා කඩිනමින් නිරෝධායනය සඳහා යොමුකරන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍ර්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබේ.

-Advertisement-

“සුරාසැල් වසා දමන්න” යැයි GMOA ඉල්ලයි

0

කොරෝනා වසංගතය තවදුරටත ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සුරාසැල් වසා දැමීම ඇතුළු යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සොනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා දිනකට සිදුකරන පීසීආර පරීක්ෂණ සංඛ්‍යාව 10,000ක් දක්වා වැඩිකළ යුතු බව ද එම සංගමය පවසයි.

ආසාදිතයන් යැයි හඳුනාගන්නා රෝගීන් බහුතරයක් රෝග ලක්ෂණ නොපෙන්වන හා බරපතල රෝගී තත්ත්වයක් නොපෙන්වන බැවින් රෝහල්වල ඉඩ පහසුකම් ද රැකගැනීම සඳහා ඔවුන් විවිධ ප්‍රදේශවල පිහිටුවන ආරක්ෂිත කලාප වෙත යොමු කරන ලෙස ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.

තව ද නිරෝධායන කාර්යය ද මේ වනවිට ගැටලුවක් වෙමින් පවතින බැවින් ආයතනික නිරෝධායනයට පරිබාහිරව ආරක්ෂිත ස්වයං නිරෝධායනයට ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් යොමු කරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටියි.

කොරෝනා වසංගතය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම් දී ඇති බැවින් වසංගත රෝග විද්‍යා ඒකකය තවමත් කොරෝනා වසංගතය සමාජගත වී නැතැයි යන්න පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කළ යුතු බව ද එම සංගමය පෙන්වා දී ඇත. කොරෝනා මර්ධනය සඳහා පළමු අදියරවල දී එක්ව කටයුතු කළ කණ්ඩායම්වලින් පරිබාහිරව කටයුතු කරගෙන යන බැවින් සමාජගතවීම යන්න අර්ථකථනය කිරීමට අනිකුත් පාර්ශවයන්ට හැකියාවක් නොමැති බැවින් ඒ් පිළිබඳ දත්ත උපයෝගී කරගනිමින් නිවැරදි විද්‍යානුකූල අර්ථකථනයක් කරන ලෙස ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත්කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත සඳහන් කර තිබේ.

-Advertisement-

ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11ක් ඇතුළු 12ක් මරුට

0

ඇෆ්ඝනිස්තානයේ ටඛාර් ප්‍රාන්තයේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළුව 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ හසාරා කර්ලුක් නම් ගම්මානයේ පිහිටි මද්‍රාසා පාසලකට එල්ල වූ එම ප්‍රහාරයෙන් ළමුන් 11 දෙනෙකු සහ ආගමික ප්‍රධානියෙක් මියගොස් ඇති බවය.

නමුත් එම චෝදනාව ඇෆ්ඝනිස්තාන රජය ප්‍රතික්ෂේප කළේය. ඔවුන් පවසන්නේ තලේබාන් සටන්කරුවන් 12 දෙනෙකු මියගොස් ඇති බවි.

එම ප්‍රදේශයේ සිදු කළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් 30 දෙනෙකු පසුගියදා මියගිය අතර එම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට පිළිතුරක් ලෙස බව විදෙස් මාධ්‍ය පවසයි.

-Advertisement-

14 වැනි කොරෝනා මරණය කුලියාපිටියෙන්

0

කොරෝනා ආසාදනය වී සිටි කුලියාපිටියේ පදිංචි කාන්තාවක් මීට සුළු වේලාවකට පෙර මියගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඇය 50 හැවිරිදි වියේ කාන්තාවකි.

ඇගේ මරණයත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 14කි.

-Advertisement-

දිස්ත්‍රික්ක 13ක කොරෝනා ව්‍යාප්තයි. ගාල්ලත් ඒ අතර

0
Sudath Samaraweera

දිස්ත්‍රික්ක 13ක මේ වනවිට කොරෝනා වසංගතය ව්‍යාප්ත වී ඇතැයි වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මෙම ව්‍යාප්තිය සිදුව ඇත්තේ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා පොකුර සමගින් බව ද හෙතෙම සඳහන් කළේය. ඒ් අනුව මේම වනවිට කොරෝනා ආසාදිතයන් කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, ගාල්ල, මහනුවර, හම්බන්තොට, යාපනය, වව්නියාව, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වන බව ද වෛද්‍ය සමරවීර මහතා පැවසීය.

වෛද්‍යවරයා පවසන්නේ අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ද වයිරසය ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක් පෙනෙන්ට ඇති බවයි.

”පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 49 දෙනකු හමුවීමෙන් පෙනී යනවා රට පුරාම මාළු වෙළෙන්දන්ට ද වයිරසය ආසාදනය වීමේ අවදානමක් තිබෙන බව. පෑලියගොඩට රටේ වෙරළබඩ සෑම ප්‍රදේශයකින්ම මාු ගෙන එනවා. ඒ වගේම ඒ ඒ ප්‍රදේශවලට මාළු රැගෙන යනවා. මාළු වෙළෙඳ සැලේ දැනට ආසාදිතයැයි හඳුනාගත් අය ඇසුරු කළ අනෙක් ධීවර ව්‍යාපාරිකයන්ට වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් තිබෙනවා.” යැයි ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කීවේය.

-Advertisement-

පොලිසියට එරෙහි උද්ඝෝෂණයේ දී 20ක් මරුට

0

නයිජීරියාවේ ලාගෝස්හි පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක යෙදුනු පිරිස් විසිරුවාහැරීමට සිදුකරන ලද වෙඩිතැබීමකදී 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.සිද්ධියේදී 50දෙනකු පමණ තුවාල ලබා තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ද පවසා ඇත්තේ මරණ පිළිබඳ වාර්තා සත්‍ය බවයි.ලාගෝස් හී විරෝධතා සති දෙකක් තිස්සේ අඛණ්ඩව පැවතුණු අතර ලාගෝස් සහ තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 24ක් පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. විරෝධතා ආරම්භ වූයේ, මේවනවිට විසිරුවා ඇති පොලිස් ඒකකයක් වන විශේෂ මංකොල්ලකෑම් මර්දන ඒකකයේ (සාර්ස්) ක්‍රියාකාරකම් සම්බන්දවය.ඇසින් දුටු සාක්ෂිකරුවකු බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ දේශීය වේලාවෙන් සවස 6.45ට සොල්දාදුවන් වෙඩි තැබීම ආරම්භ කළ බවයි. සාමකාමීව විරෝධතාවයේ යෙදුන පිරිස් වෙත වෙඩිතැබූ බවද ඔහු පවසා ඇත.”එම අවස්ථාව හරිම ව්‍යාකූලයි, ඔවුන් දිගින් දිගටම අපිට වෙඩි තැබුවා, එය පැය එකහමාරක් පමණ පැවතුණා. මා අසල සිටි පුද්ගලයාටත් වෙඩි වැදුණා. සොල්දාදුවන් මළ සිරුරු රැගෙන ගියා.” යැයි හෙතෙම පවසා ඇත.සොල්දාදුවන් මාර්ග බාධක දමා ඇති හෙයින් ගිලන් රථ වලට විරෝධතාකරුවන් සිටින ස්ථානයට ලඟාවිය නොහැකි වූ බවද ඔහු පැවසීය.විරෝධතාකරුවන් ඝාතනය කිරීම නවත්වන ලෙස ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, නයිජීරියානු ජනපති මුහම්මුදු බුහාරි ඇතුළු හමුදාවෙන් ඉල්ලා ඇත.

-Advertisement-

වීසා ගන්න ගිහින් 11ක් මරුට

0

ඇෆ්ගනිස්ථානයේ ජලලබාද් නගරයේ ක්‍රීඩාංගනයක වීසා අයදුම්කරුවන් පිරිසක් අතර ඇතිවූ කලබලයක් හේතුවෙන් කාන්තාවන්11ක් මියගොස් තවත් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පාකිස්ථානයට ගමන්කිරීමට වීසා ඉල්ලුම් කළ දහස් ගනනක පිරිස ක්‍රීඩාංගනයට එක්රැස් වීමෙන් පසු මෙම කලබලය ඇතිවී තිබේ.ජලලබාද් නගරයේ සාමාන්‍යයෙන් වීසා නිකුත් කරන මධ්‍යස්ථානයට පැමිණි එම පිරිස පකිස්ථාන කොන්සල් කාර්යාලය විසින් පාපන්දු ක්‍රීඩාංගනයකට හරවා යවා ඇත.දස දහස් සංඛ්‍යාත ජනතාවක් පාපන්දු ක්‍රීඩාංගනයට එක්රැස් වී ඇති අතර එහිදී තෙරපීම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.කොරෝනා පැතිරීම හේතුවෙන් මාස හතකට පසුව පකිස්ථානයට වීසා ලබාදීම ආරම්භ වී තිබේ. බොහෝ ඇෆ්ගනිස්ථාන වැසියන් , ඥාතීන් හමුවීමට, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට, රැකියා සොයා ගැනීමට හෝ ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වයෙන් මිදීමට සෑම වසරකම අසල්වැසි පාකිස්ථානයට ගමන් කරති.

-Advertisement-

එන්නතක් දීමෙන් දකුණු කොරියාවේ 25ක් මරුට

0
°ÆÁ¤ ¼Ó µ¶°¨¹é½Å (¼­¿ï=¿¬ÇÕ´º½º) ÀÌÁöÀº ±âÀÚ = ÃÖ±Ù 1ÁÖÀÏ»õ ÀÎÇ÷翣ÀÚ(µ¶°¨) ¹é½ÅÀ» ¹«·áÁ¢Á¾ÇÑ µÚ »ç¸ÁÇÏ´Â »ç·Ê°¡ 5°ÇÀ̳ª º¸°íµÇ¸é¼­ º¸°Ç´ç±¹ÀÌ »óȲÀ» ¿¹ÀÇÁÖ½ÃÇϰí ÀÖ´Â °¡¿îµ¥ 21ÀÏ ¿ÀÈÄ ¼­¿ï °­¼­±¸ Çѱ¹°Ç°­°ü¸®Çùȸ ¼­¿ï¼­ºÎÁöºÎ¿¡¼­ ÀÇ·áÁøÀÌ µ¶°¨¹é½ÅÀ» ÁغñÇϰí ÀÖ´Ù. 2020.10.21 [email protected]/2020-10-21 14:52:27/

දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 25 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ මරණ හා එන්නත අතර සම්බන්දයක් ඇති බවට ඔවුන් විශ්වාස නොකරන බවයි. මේ වනවිට දකුණු කොරියාවේ මිලියන 13ක පමණ පිරිසකට උණ රෝගය වැළඳී තිබේ.

පසුගිය මාසයේ සිට නොමිලයේ එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර රටේ මිලියන 19ක පමණ ජනතාවක් එන්නත් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. එන්නත් කිරීමෙන් පසු මුලින්ම මියගොස් ඇත්තේ 17 හැවිරිදි පිරිමි ළමයෙකි. වාර්තාවූ අනෙක් මරණ සියල්ල වැඩිහිටි පුද්ගලයන්ගේ වන අතර ඔවුන්ගෙන් අට දෙනකුට පමණ වෙනත් රෝග ද තිබී ඇතැයි සඳහන් වේ.

මරණ සම්බන්දව පරීක්ෂණ සිදුකරන කණ්ඩායමේ නායකත්වය දරන මහාචාරය කිමි ජුන් කෝන් මහතා එන්නත් වැඩසටහනේ සුරක්ෂිත බව පිළිබඳව ජනතාවට සහතික වී ඇති අතර මරණ සිදුවී ඇත්තේ උණ රෝගයේ ප්‍රථිපලයක් ලෙස නොවන බව ඔහු කියා සිටියි. පශ්චාද් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර කොවිඩ් – 19 සඳහාද පරීක්ෂණ කරන බව හෙතෙම පවසයි.

දකුණු කොරියාවේ එන්නත් වැඩසටහන කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණු දෙවන අවස්ථාව මෙයයි. ශීතාගාර තත්ත්වයේ පවත්වා ගතයුතු එන්නතක් ප්‍රවාහනයේ දී කාමර උෂ්ණත්වයට නිරාවරණය වී ඇති බව අනාවරණය වීමෙන් පසු එන්නත් මාත්‍රා මිලියන පහක් තහනම් කිරීමට සති තුනකට පෙර දකුණු කොරියානු බලධාරීන්ට සිදුවිය. මියගිය කිසිවකට එම එන්නත් ලබාදී නොමැති බවට වෛද්‍යවරු සහතික කරති. කෙසේවුවද මහාචාර්ය කිම් පවසන්නේ එන්නත් කිරීමේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන බවයි.

-Advertisement-