වීසා ගන්න ගිහින් 11ක් මරුට

0
42

ඇෆ්ගනිස්ථානයේ ජලලබාද් නගරයේ ක්‍රීඩාංගනයක වීසා අයදුම්කරුවන් පිරිසක් අතර ඇතිවූ කලබලයක් හේතුවෙන් කාන්තාවන්11ක් මියගොස් තවත් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පාකිස්ථානයට ගමන්කිරීමට වීසා ඉල්ලුම් කළ දහස් ගනනක පිරිස ක්‍රීඩාංගනයට එක්රැස් වීමෙන් පසු මෙම කලබලය ඇතිවී තිබේ.ජලලබාද් නගරයේ සාමාන්‍යයෙන් වීසා නිකුත් කරන මධ්‍යස්ථානයට පැමිණි එම පිරිස පකිස්ථාන කොන්සල් කාර්යාලය විසින් පාපන්දු ක්‍රීඩාංගනයකට හරවා යවා ඇත.දස දහස් සංඛ්‍යාත ජනතාවක් පාපන්දු ක්‍රීඩාංගනයට එක්රැස් වී ඇති අතර එහිදී තෙරපීම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.කොරෝනා පැතිරීම හේතුවෙන් මාස හතකට පසුව පකිස්ථානයට වීසා ලබාදීම ආරම්භ වී තිබේ. බොහෝ ඇෆ්ගනිස්ථාන වැසියන් , ඥාතීන් හමුවීමට, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට, රැකියා සොයා ගැනීමට හෝ ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වයෙන් මිදීමට සෑම වසරකම අසල්වැසි පාකිස්ථානයට ගමන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here