එන්නතක් දීමෙන් දකුණු කොරියාවේ 25ක් මරුට

0
89

දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 25 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ මරණ හා එන්නත අතර සම්බන්දයක් ඇති බවට ඔවුන් විශ්වාස නොකරන බවයි. මේ වනවිට දකුණු කොරියාවේ මිලියන 13ක පමණ පිරිසකට උණ රෝගය වැළඳී තිබේ.

පසුගිය මාසයේ සිට නොමිලයේ එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර රටේ මිලියන 19ක පමණ ජනතාවක් එන්නත් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. එන්නත් කිරීමෙන් පසු මුලින්ම මියගොස් ඇත්තේ 17 හැවිරිදි පිරිමි ළමයෙකි. වාර්තාවූ අනෙක් මරණ සියල්ල වැඩිහිටි පුද්ගලයන්ගේ වන අතර ඔවුන්ගෙන් අට දෙනකුට පමණ වෙනත් රෝග ද තිබී ඇතැයි සඳහන් වේ.

මරණ සම්බන්දව පරීක්ෂණ සිදුකරන කණ්ඩායමේ නායකත්වය දරන මහාචාරය කිමි ජුන් කෝන් මහතා එන්නත් වැඩසටහනේ සුරක්ෂිත බව පිළිබඳව ජනතාවට සහතික වී ඇති අතර මරණ සිදුවී ඇත්තේ උණ රෝගයේ ප්‍රථිපලයක් ලෙස නොවන බව ඔහු කියා සිටියි. පශ්චාද් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර කොවිඩ් – 19 සඳහාද පරීක්ෂණ කරන බව හෙතෙම පවසයි.

දකුණු කොරියාවේ එන්නත් වැඩසටහන කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණු දෙවන අවස්ථාව මෙයයි. ශීතාගාර තත්ත්වයේ පවත්වා ගතයුතු එන්නතක් ප්‍රවාහනයේ දී කාමර උෂ්ණත්වයට නිරාවරණය වී ඇති බව අනාවරණය වීමෙන් පසු එන්නත් මාත්‍රා මිලියන පහක් තහනම් කිරීමට සති තුනකට පෙර දකුණු කොරියානු බලධාරීන්ට සිදුවිය. මියගිය කිසිවකට එම එන්නත් ලබාදී නොමැති බවට වෛද්‍යවරු සහතික කරති. කෙසේවුවද මහාචාර්ය කිම් පවසන්නේ එන්නත් කිරීමේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here