spot_img

සොබාදහම පින්තාරු කරන චිත්‍ර ගුරුවරිය

පුවත්

විදෙස්

ඇය සොබා දහම පින්තාරු කරන්නියකි.

අපට පෙනෙන සැබෑ පරිසරය තම තෙලි තුඩින් පුදුම සහගත ලෙස වෙනස් කරන්නට ඇය සමත්කම් දක්වන්නීය.

ගාල්ල අවිත්තාව මහා විද්‍යාලයේ චිත්‍ර ගුරුවරියක වන ඇය නමින් ශෂින්තා දිල්හානිය.

Shashintha Dilhani Arts නමින් Facebook පිටුවක් පවත්වාගෙන යන ඇය පසුගිය දා අපූරු සිතුවමක් ඊට එක් කළාය.

ඒ කාගේත් ආදරයට පාත්‍රවන ලේනකු ගසක සිටින ආකාරයයි.

බැලූ බැල්මට එය සිතුවමක් නොවේ.

නමුත් එය සිදුවිය හැකි දෙයක් ද නොවේ.

සියුම්ව බැලුව ද පෙනෙන්නේ ස්වභාවිකත්වයේ අමුතු දෙයක් ලෙසිනි.

නමුත් මේ ඇය කරන ලද තවත් අපූරු නිර්මාණයකි.

ඇය ඒවාා ඇඳ ඇත්තේ ත්‍රිමාණ ස්වරූපයෙනි.

මේ නිර්මාණ ශිල්පිනිය තවත් මෙවැනි නිර්මාණ බොහොමයක් සිදුකරයි.

ගාල්ලේ බටපොළ මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ශෂින්තා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර කලාව පිළිබඳ උපාධියද ලැබුවාය.

ඇය සිදුකරන ලද මේ අපූරු නිර්මාණය සම්බන්ධයෙන් යූ ටියුබ් වීඩියෝවක් ද අන්තර්ජාලයට එක්කර තිබේ.

ඇගේ සිතුවමේ ඡායාරූප හා එම යූ ටියුබ් වීඩියෝව පහතින් දක්වා ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles