spot_img

බස් චණ්ඩින්ට වැඩ වරදී

පුවත්

විදෙස්

කොළඹ සිට නෙළුව දක්වා ධාවනය වූ බස් රථයකට අද (18) පහරදුන් බවට සැකකරන අවිත්තාව සිට මතුගම දෙසට ධාවන වූ බස් රථයක රියදුරකු සහ සහායකයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් හෙට (19) අධිකරණය ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.

මග දී මගියකු නංවාගත් බවට චෝදනා කරමන් එම බසයට පහරදී තිබේ.

පහරකෑමට ලක්ව තුවාල ලැබූ රියදුරා ‍සහ කොන්දොස්තරවරය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම පහරදීම සිදුකර ඇත්තේ මතුගම ලිහිණියාව ප්‍රදේ‍ශයේ දී ය. නෙළුව කොළඹ බස් රථයට මාර්ගය හරස් කර නතර කර පස් දෙනෙකුගෙන් යුතු පිරිසක් කඩා වැදී යකඩ පොලුවලින් පහර දී ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

වහා ක්‍රියාත්මක වූ මීගහතැන්න පොලීසිය පහරදීම සිදුකළ බස් රියදුරු හා කොන්දොස්තරවරයා ඉතා කෙටි කාලයක් තුළ මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර රියදුරු හා කොන්දොස්තරවරයා හෙට (19) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මීගහතැන්න පොලීසිය පැවසීය.

මගීන්ගේ ජීවිත ද අනතුරේ හෙලමින් සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිසන් සභාවට ද මගීන් විසින් පැමිණිලි කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles