spot_img

වගා හානි නැති කරන්න, වන සතුන් ගණන් කරන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ගෙවතුවලට සහ වගාබිම්වලට පැමිණෙන සතුන් ගැන සමීක්ෂණයක් සිදුකරන බව කෘසිකර්ම සහ පශු සම්පත් නි‍යෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

මේ සඳහා ලබන මාර්තු 15 වැනි දිනය යොදාගෙන ඇත. එදින නිශ්චිත වේලාවක් තුළ විනාඩි 05ක කාලයක දී තම ගෙවත්තේ සහ වගාබිමේ සිටින රිලවුන්, දඩුලේනුන් සහ මොණරුන් පිළිබඳ සංගණනයක් සිදුකරන්න යැයි අමාත්‍යාංශය ජනතාව දැනුම්වත් කරනු ඇත.

එම වන සතුන් ගණනය කර තොරුතුරු ඉදිරිපත් කිරීම අදාළ නිවෙස් හිමියන් විසින් සිදුකළ යුතු ය. ඒ අනුව රටපුරාම ගෙවතු හා වගාබිම්වල සිටින වන සතුන් සංගණනයක් කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.

ඊයේ (01) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ කී‍වේ ය.

“රිලවා, දඬුලේනා, මොණරා සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට අපි මාර්තු 15 දිනය යොදාගෙන තිබෙනවා. එය කරන්නේ මුළු රටේ ම එකම වේලාවක විනාඩි 05ක කාලයක දී. ග්‍රාම නිලධාරී වසම්වල ඉන්න සියලු රජයේ නිලධාරීන් මේ සමීක්ෂණයට සම්බන්ධ වෙනවා. තමන්ගේ වත්තේ, ගොවිපොළේ රිලව් කීයක් හිටිය ද ? දඬු ලේනුන් කීයක් හිටිය ද ? මොණරු කීයක් හිටිය ද ? වෙනත් සතුන් කොපමණ සිටියා ද ? කියන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න ඕනේ. හිමිකරුවන් නොමැති ඉඩම්වල නිලධාරීන් මගින් මේ සංගණනය කරන්න සැළසුම් කර තිබෙනවා. සියලු තොරතුරු නිලධාරීන් මාර්ගයෙන් අමාත්‍යාංශයට එවිය යුතුයි. එමගින් අපිට සතුන් ප්‍රමාණ ගැන අදහසක් ලබාගන්න පුළුවන්. මේ වගාහානි පාලනය කිරීමට මෙය ඉතාමත් වැදගත් වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles