spot_img

සංඝමිත්ත ශිෂ්‍යාවන්ට පහරදුන්, ගුරවරයා ගැන පරීක්ෂණ

පුවත්

විදෙස්

ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරයකු එම පාසලේ 12 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 30 දෙනකුට ලී පතුරකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පසුගිය සිකුරාදා (22) පාසල් නිවාඩු ලබාදෙන දිනයේ දී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ විද්‍යා සහ ගණිත අංශයේ ශිෂ්‍යාවන් පිරිසකට පිරිමි ගුරවරයකු පහර දී ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම පැමිණිල්ලට අනුව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට අමතරව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනි ද තහවරු කළාය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ගුරුවරයා විසින් පහරදීම වැරදි බවයි.

ළමයින්ට පහරදීමට ගුරවරුන්ට කිසිදු අයිතියක් නැතැයි ද ඇය කීවාය.

2 COMMENTS

  1. අපිට බ්‍රහස්පතින්දා තමා මීටර් රූලකින් ගැහුවෙ සිකුරාදා නෙමෙයි.
    අනික ළමයි 30 කට විතරක් නෙමෙයි. Bio class 4කටයි Maths class එකක ඉන්න ළමයින්ට තමා ගැහුවෙ

    • ඔය අඹ කොල ඉස්කොලේ කෙල්ලොන්ට පුදුම විසයක් තියෙන්නේ….
      ගහන්න තිබුනේ පුක පැලෙන්න….

Leave a Reply to Cat Cliopatra Cancel reply

Please enter your comment!
Please enter your name here

Latest articles