1.4 C
New York

ඉන්දු – ශ්‍රී ලංකා යාත්‍රා සේවය යළි ඇරඹේ

Published:

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර, ඉන්දු-ලංකා මගී යාත්‍රා සේවාව අගෝස්තු 16 වැනි දින ආරම්භ වන බව නාවුක සමාගම (IndSri Ferry Service Pvt.Ltd) පැවසීය.

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පැවසුවේ ඔවුන්ගේ මගී යාත්‍රාව වන ‘සිවගංගෙයි’ රටවල් අතර පාරු සේවා යළි ආරම්භ කිරීමට සූදානම් බවයි.

ඔන්ලයින් ටිකට්පත් නිකුත් කිරීම අගෝස්තු 13 (අඟහරුවාදා) නාගපට්ටිනම් වරායේදී මධ්‍යම රාත්‍රියේ (12) ආරම්භ වේ.

මීට පෙර මගී යාත්‍රා සේවා මැයි 13 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ නමුත් තොටුපළ භාරදීමේ ප්‍රමාදය සහ නොවැළැක්විය හැකි හේතු නිසා ප්‍රමාද විය.

Related articles

Recent articles

spot_img