spot_img
spot_imgspot_img

අනධ්‍යයන විධායක ශ්‍රේණිය, වර්ජනය නවතා දමයි

පුවත්

විදෙස්

තම වැඩවර්ජනය අවසන් කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් පවසයි. ඔවුන් මෙම වැඩවර්ජනය මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් වර්ජනය අතහැරීමට තීරණය ඇත.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් මාස දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය අවසන් නොකළ බවත් වැඩ වර්ජනය අවසන් කළේ යැයි කියන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 500 ක් පමණක් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත ඊයේ (11) රාත්‍රී කීවේය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 12,000 කට අධික සංඛ්‍යාවක් තවදුරටත් වර්ජනයේ නිරතව සිටින බව කී ඔහු කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!