spot_img
spot_imgspot_img

පාරින්ද රණසිංහ නීතිපති ලෙස ව්‍යවස්ථා සභාව අනුමත කරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත් කිරීමට ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ. 

එම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව අනුමත කර ඇත.

ජුලි 01 වැනිදා ශ්‍රී ලංකාවේ වැඩබලන නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. හිටපු නීතිපති සංජේ රාජරත්නම් විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා ඔහු පත් කරනු ලැබීය.

හිටපු නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙවරක් නිර්දේශ කර තිබුණු නමුත් ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබිණි.

ඉන් අනතුරුව සංජය රාජරත්නම් නීතිපති ධූරයෙන් විශ්‍රාම ගියේය.

පාරින්ද රණසිංහ යනු ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 38 වැනි අගවිනිසුරුවරයා වූ කේ.ඒ.පාරින්ද රණසිංහගේ පුත්‍රයාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!