spot_img
spot_imgspot_img

කාෂ්මීරයේ ප්‍රහාරයකින් ඉන්දීය සොල්දාදුවන් පහක් මරුට

පුවත්

විදෙස්

ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයට අයත් කතුවා දිස්ත්‍රික්කයේ සටන්කාමීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් පස් දෙනෙකු මිය ගොස් තිබේ. ප්‍රහාරයෙන් සෙබළුන් පස් දෙනෙකු ද තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

හමුදා වාහනවල සිටි සොල්දාදුවන් පිරිසක් අසල කඳුකරයක සැඟවී සිටි සටන්කාමීන්ගේ වෙඩි පහරට ලක්වී ඇතැයි මූලික වාර්තා වල දැක්වේ.

නවතම ප්‍රහාරය මාසයකදී කතුවා දිස්ත්‍රික්කයේ සිදුවූ දෙවන ප්‍රධාන සිදුවීම සහ දින දෙකක් ඇතුළත ජම්මුහිදී හමුදාවට එල්ල වූ දෙවන ප්‍රහාරය බව බලධාරීහු පවසති.

ජූනි 11 වන දින, කතුවා හි ඇති වූ වෙඩි හුවමාරුවකින් සොල්දාදුවෙක් සහ සටන්කාමීන් යැයි සැක කරන දෙදෙනෙක් මිය ගියහ. ඉරිදා ජම්මු හි රාජෝරි දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් සොල්දාදුවෙක් තුවාල ලැබීය.

කාශ්මීරය 1989 වර්ෂයේ සිට ඉන්දීය පාලනයට එරෙහිව සන්නද්ධ කැරැළි ගැසීම් සිදුකරයි. ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් වලින් මේ දක්වා ජීවිත දහස් ගනනක් බිළිගෙන ඇති නමුත් මෑත වසරවලදී ප්‍රචණ්ඩත්වය අඩු වී ඇත.

පසුගිය මාසයේ කාෂ්මීර ප්‍රදේශයේ, හින්දු බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයකට සටන්කාමීන් විසින් එල්ල කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 09දෙනකු මියගොස් 33දෙනකු තුවාල ලැබීය.

ඉස්ලාමාබාද් සටන්කාමීන්ට නවාතැන් දෙන බවට සහ කලාපයේ සාමය කඩාකප්පල් කරන බවට දිල්ලි චෝදනා කරන බව පාකිස්තානය පවසයි.

https://www.bbc.com/news/articles/cpwd4n2z2jdo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!