spot_img
spot_imgspot_img

ලොව විශාලම මැතිවරණය, මෝදි ඉදිරියෙන්

පුවත්

විදෙස්

ලොව විශාලම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රථිඵල අනුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

අදියර හතක් යටතේ දින 44ක් පුරා පැවැත්වුණු ඉන්දීය මැතිවරණයේ ඡන්ද ගනන් කිරීම අද උදෑසන ආරම්භ වුණු අතර ප්‍රථිපල ප්‍රකාශ කිරීම ද සිදුවෙමින් පවතී.

ඡන්දය ප්‍රකාශ කිරීම අදියර හතක් යටතේ පැවැත්වුණ ද ඡන්ද ගනනය කිරීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සිදුවන බැවින් ප්‍රථිඵල ප්‍රකාශ කිරීම වේගවත් වී ඇත.

මේ වනවිට ප්‍රකාශිත ප්‍රථිඵල අනුව අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය, ඉන්දීය පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩලය වන ලොක් සභාවේ ආසන 543 න්, ආසන 267 ක් දිනා සිටියේය. ‘ඉන්දියා’ නමැති ඉන්දීය විපක්ෂ සන්ධානය දිනා සිටියේ ආසන 187 කි.

පක්ෂයකට හෝ සන්ධානයකට ජයග්‍රහණය කිරීමට ආසන 543න් ආසන 272ක් අවශ්‍ය වේ. බහුතරයක් දිනාගත් පක්ෂයේ නායකයා අගමැති වී ආණ්ඩුව පිහිටුවනු ඇත. 

අප්‍රේල් 19 වනදා ආරම්භ වූ මැතිවරණය ජුනි 01වනදා අවසන් වූ ඉන්දීය මැතිවරණයේදී මිලියන 642ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කළ අතර එය එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යෝධ අභ්‍යාසයක් ලෙස සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!