spot_img

රජය කිව්වත්, වැටුප් වැඩි කරන්‍නේ නෑ

පුවත්

විදෙස්

රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700.00ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරෙයි කියා සිටියේ තේ වතු හිමියන්ගෙන් කරුණු විමසීමකින් තොරව අදාළ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවයි.

“රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින අයගේ අවශ්‍යතා සහ ගැටලු සම්බන්ධයෙන් සැලකිල්ලක් හෝ තැකීමක් නොකරමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙන එම තීරණය මඟින් මෙරට තේ සහ රබර් කර්මාන්තයේ සෑම අංශයක්ම තව දුරටත් දුර්වල කිරීමට හේතුවක් වේවි. එවැනි අසාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස කුඩා තේ සහ රබර් වතු හිමියන්ට හා කලාපීය වැවිලි සමාගම්වලට බල කිරීමේ උත්සාහය කර්මාන්තයේ මූලික මෙහෙයුම් අවශ්‍යතා කප්පාදු කිරීම තුළින් හෝ සාර්ථක කර ගැනීමට නොහැකියි. මුළු මහත් වතුකරයේම අනාගතය මේ වන විට අවදානමට ලක්ව තිබෙන අතර ම ශ්‍රී ලංකාව පුරා කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවනෝපායද තර්ජනයට ලක්ව තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles