spot_img
spot_imgspot_img

දුරකථන රැහැන් කැපූ, ටෙලිකොම් සේවකයන් අත්අඩංගුවට

පුවත්

විදෙස්

දුරකථන රැහැන් කපා ඒවා පුළුස්සා තඹ කම්බිවලට අළෙවි කිරීමේ ජාවාරමක් සිදුකළ ටෙලිකොම් සේවකයන් 07 දෙනකු අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹ කම්බි තොගයක් ද සමගිනි.

ටෙලිකොම් ආයතනයේ හලාවත සහ ලුණුවිල යන උපසේවා ස්ථානවල සේවය කරන මෙම සැකකරුවන් කටුනේරිය, මාරවිල, තුඩුවාව, කොස්වත්ත, වෙල්පල්ල, කැලණිය හා කොබෙයිගනය යන ප්‍රදේශවල පදිංචි පිරිසකි.

බෝවත්ත ප්‍රදේශයේ නිවෙස්වල දුරකථන ක්‍රියාත්මක නොවීම නිසා ඒ පිළිබඳව කුලියාපිටිය ටෙලිකොම් උප සේවා ස්ථානයට දැන්වීමෙන් පසු ඊට හේතු සොයා බලා තිබේ. භූගතව සවිකර ඇති දුරකථන රැහැන් පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ තිබූ දුරකථන රැහැන් අස්ථානගත වී ඇති බව තහවරු වීමෙන් පසු ඒ පිළිබඳ පොලිසිය දැනුම්වත් කර තිබිණි.

අදාළ නිලධාරීන් දැන ගැනීමෙන් පසුව මෙම සිද්ධිය පිළිබඳව පන්නල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත.

වැඩිදුර පරීක්ෂණ කිරීමේදී තඹ කම්බි මිල දී ගන්නා දංකොටුව ප්‍රදේශයේ වෙළෙඳ සැළක් පිළිබඳ තොරතුරු ලැබී ඇත. වෙළෙඳ සැල් හිමියාගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් අවස්ථා ගණනකදී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් අලෙවි කර ඇති බවත් ඒවා හලාවත ප්‍රදේශයේ දී උණුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!