spot_img

ඇල්ල – වැල්ලවාය පාර වසා දමයි

පුවත්

විදෙස්

පස් කඳු සහ ගස් කඩාවැටීම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ග අද (15) සවස 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා වසා දමා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එම මාර්ගයේ 12 සහ 13 කණුව ප්‍රදේශයේ දී මෙලෙස මාර්ගයට පස් සහ කඳු කඩා වැටී ඇති අතර කරදගොල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රීය වීමේ අවදානක් ඇතැයි ද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

දැනට විකල්ප මාර්ගය ලෙස ඇල්ල කුඹල්වෙල බණ්ඩාරවෙල හපුතලේ බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙසට පොලිසිය දැනුම් දෙයි.

දැනට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් පතිත වන බවත් ,ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තැනින් තැනට තව දුරටත් පස්කදු ගල් පර්වත කඩා වැටීමෙ දැඩි අවධානමක් මතු වී ඇති බවත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles