4.1 C
New York

තෙවරප්පෙරුමගේ මරණයට හේතුව මෙන්න

Published:

පාලිත තෙවරප්පෙරුම හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණයට හේතුව විදුලිසැර වැදීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවීම බව ඔහුගේ දේහය සම්බන්ධයෙන් අද (17) පැවැත් වූ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවරු කර ඇත.

නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක විසින් පවත්වන ලදී.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානයට ඊයේ (16) සවස වෛද්‍යවරයා ගොස් නිරීක්ෂණය කර තිබිණි.  කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් එම අනතුර සිදු වූ ස්ථානය නිරීක්‍ෂණය කරන ලද අතර, මතුගම අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කර තිබිණි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙණිය ද මෘත දේහය පරීක්ෂා කළාය.

Related articles

Recent articles

spot_img