spot_img
spot_imgspot_img

තෙවරප්පෙරුමගේ මරණයට හේතුව, විදුලිය ද ? අකුණක් ද ?

පුවත්

විදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විදුලිසැර වැදී අද (16) මියගියේ ය.

ඔහු මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ ඉඩමක සිටිය දී වයර් දෙකක් සම්බන්ධ කිරීමට යාමේ දී විදුලිසැර වැදී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි. එම අවස්ථාවේ දී තවත් සිව්දෙනකු ලොරියකින් පොහොර තොගයක් බාමින් සිටි බව ද අනාවරණය වී ඇත.

එම ලොරියට මදක් ඈතින් තෙවරප්පෙරුම වැටී සිටුනු දුටු එම පුද්ගලයන් වහාම ක්‍රියාත්මක වී ඔහු රෝහලට රැගෙන විත් ඇතත් ඒ වනවිටත් මියගොස් සිටි බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.

පොලිස් ස්ථානීය පරීක්ෂණ කණ්ඩායමක් විදුලි සැර වැදුණු ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය හෙට (17) පැවැත්වීමට නියමිතය.

පාලිත තෙවරප්පෙරුම  ජීවත්ව සිටි කාලයේදී  ඔහුගේ සිරුර තැන්පත් කිරීම සඳහා  මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විශාල වත්තක වැවක් අසල නිසල නිවහන නමින් විශේෂ ස්ථානයක් සකසා සිය දේහය තන්පත් කිරීමට රැගෙන එන පුද්ගලයන් සඳහා කුලී මුදල්ද ගෙවා ඇති බව ඔහු විසින් පසුගිය දා ප්‍රකාශ කර තිබිණි.

දේහය එම ස්ථානය කරා රැගෙන එන අවස්ථාවේදී ගායනා කිරීම සඳහා ඔහු  විසින්  ගීතයක් ද ලියා තිබූ බව ද සඳහන් වේ. .

තමන්ගේ අවසන් කටයුතු පැය විසිහතරක් ඇතුළත සිදුකරන ලෙසත්  ඔහු එමගින් දැනුම් දී ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම  මහතා විදුලි සැර වැදීමකින් මියගියාද? අකුණු සැර වැදීමකින් මිය ගියාදැයි ? පරික්ෂණ පවත්වන බව පොලිසිය කියයි. 

පාලිත තෙවරප්පෙරුම මියයනවිට  64 වැනි වියේ පසු වූ දෙදරු පියෙකි. වසර කිහිපයකට පෙර ඔහුගේ වැඩිමල් පුතු මියගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!