spot_img
spot_imgspot_img

අධිකරණයට ප්‍රකාශයක් නොදෙන බව මෛත්‍රීපාල කියයි

පුවත්

විදෙස්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ ඉල්ලීමකට අනුව හිටපු ජනාධිපතිවරයාට අප්‍රේල් 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය මීට පෙර දැනුම් දී තිබිණි.

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෙකු අධිකරණයට දන්වා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසියට සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබාදී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රහස්‍ය ප්‍රකාශයක් කිරීමට තම සේවාදායකයා අදහස් නොකරන බවයි. ඉදිරිපත් වූ කරුණු විමසීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාට අප්‍රේල් 04 වැනිදා අධිකරණයේ පෙනී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.  
 
හිටපු ජනාධිපතිවරයා පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාවක් ගොනු කර තිබිණි. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමන් දන්නා බවට හිටපු ජනාධිපතිවරයා මහනුවරදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!