spot_img
spot_imgspot_img

පැහැරගත් ඉරාන නෞකාව ඉන්දියාව බේරා ගනියි

පුවත්

විදෙස්

මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ඉරාන ධීවර යාත්‍රාවක් සහ එහි කාර්යමණ්ඩලයේ 23දෙනා නිරුපද්‍රිතව ඉන්දීය නාවුක හමුදාව විසින් බේරාගෙන තිබේ.

‍යාත්‍රාව බේරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව පැය 12 ක් පුරා මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර, දැඩි උපායශීලී ක්‍රියාමාර්ග යොදා ගැනීමට සිදුවූ බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඉරාන ධජය සහිත FV AI-Kambar නෞකාව මාර්තු 29 වන දින INS සුමේධා සහ INS ත්‍රිශූල් නෞකා විසින් බේරා ගත් බව නාවික හමුදාවේ ප්‍රකාශයේ සඳහන් වේ.

නෞකාව පැහැගත් මුහුදු කොල්ලරුවන් නව දෙනා බාරවී ඇත.

සිකුරාදා නාවික හමුදාව පැවසුවේ සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් 9 දෙනෙකු විසින් පැහැර ගන්නා ලද නෞකාව මුදා ගැනීමේ මෙහෙයුමක නිරත වූ බවයි.

සිද්ධිය වන අවස්ථාවේ ධීවර යාත්‍රාව ඉන්දියන් සාගරයේ වයඹ දිග ඒඩන් බොක්ක අසල යාත්‍රා කරමින් තිබිණ.

ජාතිකත්වය නොසලකා කලාපයේ සමුද්‍ර ආරක්ෂාව සහ නාවිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටින බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කළේය.

ඉන්දීය සාගර කලාපයේ මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුම් සඳහා ඉන්දීය නාවික හමුදාව ක්‍රියාශීලීව කටයුතු කර ඇතැයි නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් මේ මස මුලදී ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වඩාත් ආරක්‍ෂිත ඉන්දීය සාගර කලාපයක් සහතික කිරීම සඳහා හමුදාව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වල කොටසක් ලෙස, නාවික හමුදාව මුහුදු කොල්ලකෑම් විරෝධී, මිසයිල නාශක සහ ඩ්‍රෝන විරෝධී මෙහෙයුම් සිදු කර ඇත; පසුගිය දින 100 ක කාලය තුළ ජීවිත 110 ක් – ඉන්දියානුවන් 45 ක් සහ විදේශීය ජාතිකයන් 65 ක් – බේරාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

https://www.reuters.com/world/indian-navy-rescues-iranian-fishing-vessel-hijacked-by-pirates-2024-03-30/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!