වට්ස්ඇප් හි අලුත්ම යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් මෙටා සමාගමෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම යාවත්කාලීන කිරීම හේතුවෙන් යම් කිසි සංවාදයක් තුළ පණිවුඩ තුනක් Pin කර තැබීමේ හැකියාව ලැබෙන අතර මීට පෙර එලෙස සිදු කිරීමට හැකි වූයේ එක් පණිවිඩයක් පමණි.
එමෙන්ම වට්ස් ඇප් සමූහයක් (ගෲප් චැට්) තුළද අවශ්‍ය පණිවුඩ තුනක් Pin කර තැබීමට මෙහිදී පරිශීලකයින්ට අවස්ථාව හිමිව ඇත.
පණිවුඩ පමණක් නොව වීඩියෝ, ඡායාරූප, polls ඇතුළු දේද මෙලෙස Pin කර තැබිය හැකියි.
පණිවුඩයක් Pin කළ හැකි කාල සීමාව ද පරිශීලකයන්ට තෝරා ගැනීමේ පහසුකම ලබා දී ඇත.
ඒ අනුව පැය 24ක්, දින 7ක් හෝ දින 30ක් සඳහා අදාළ පණිඩුය Pin කර තැබිය හැකියි.