spot_img
spot_imgspot_img

මෙරට “මැක්ඩොනල්ඩ්” අවන්හල් හොරට පවත්වාගෙන ගිහින්, උසාවියෙන් වාරණයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඇති “මැක්ඩොනල්ඩ්” අවහන්හල් ජාලය සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන නොයන බවට ඇමෙරිකාවේ “මැක්ඩොනල්ඩ් මව් සමාගම කරන ලද ඉල්ලීමක් පිළිගනිමින් ශ්‍රී ලංකාවේ ඇති මැක්ඩොනල්ඩ් අවහන්හල් 12ක් ලබන 12 වැනි දා දක්වා වසා දැමීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා නියෝග කළේය.

ඇමරිකාවේ සුප්‍රක‍ට පිසූ ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම විසින් පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට අවන්හල් 12ක් නම් කර ඇත.

නීතීඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව, සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස මව් සමාගම විසින් අවස්ථා ගණනාවකදීම උපදෙස් දී ඇතත් ඔවුන් එම උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන්නේ යැයි කීවේ ය.

‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් මෙරට පවත්වාගෙන යන්නේ ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම සමඟ එළැඹි ගිවිසුමකට අනුව බවත් වගඋත්තරකාර මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් එම ගිවිසුමකට අනුව කටයුතු නොකරන්නේ යැයිද එම ගිවිසුම අනුව පිරිසුදුව සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස ඔවුන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔවුන් ඒ අනුව කටයුතු නොකිරීම නිසා ගිවිසුම අවංගු කිරීමට මව් සමාගම තීරණය කළේ යැයිද කී ජනාධිපති නීතීඥ ආචාර්ය රෝමේෂ් ද සිල්වා ගිවිසුම අවලංගු කළ පසුවද වගඋත්තරකාර මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් එලෙසම සිය කටයුතු පවත්වාගෙන යන්නේ යැයිද කීය.

එහෙයින් මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් වල කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ආචාර්ය රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය,

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කාර ‘මැක්ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් අදාළ වාරණ නියෝගයක් නිකුත් කළ අධිකරණය මෙම පෙත්සම ලබන 12 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!