spot_img
spot_imgspot_img

වනිඳු යළි අමාරුවේ, ICC කනෙන් රිංගයි ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති අවසන් එක්දින තරඟයේ විනිසුරුවරයකු විවේචනය කිරීම හේතුවෙන් වනිඳු හසරංග නැවත වතාවක් ජාත්‍යන්තර තරඟ කිහිපයක් තහනම් වීමේ අවදානමට පත්ව සිටියි.

කෙසේ වෙතත් මෙම අවදාන හේතුවෙන්, වනිඳු යළි ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතැයි ද ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි. වනිඳු පසුගිය දා ටෙස්ට් තරඟවලින් විශ්‍රාම ගියේය.

විනිසුරුවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් තරඟ තීරකවරයාට පැමිණිල්ලක් ගොනුකර ඇති බැවින් එම සිද්ධීන්වලට අදාල ලකුණු එකතුකිරීමෙන් පසු වනිඳුට තරඟ කිහිපයක තහනමක් පැණවීමට ඉඩ ඇත.

ඒ අනුව ටෙස්ට් සංචිතයට ඔහු නම් කිරීමෙන් තරඟ තහනම ටෙස්ට් තරඟ තුනෙන් කපා හැර ඔහු එක්දින සහ විස්සයි – 20 තරඟ සඳහා රැකගැනීම වනිඳු ටෙස්ට් සංචිතයට කැඳවීමේ අරමුණ විය හැකියැයි ක්‍රිකට් විචාරකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!