spot_img
spot_imgspot_img

කැනඩාවේ සය පුද්ගල ඝාතන නඩුව දෙවන වරටත් කැඳවයි

පුවත්

විදෙස්

කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ පසුගියදා සිදුවූ සය පුද්ගල ඝාතනයේ නඩුව ඔටාවා උසාවියේ දෙවන වරට කැඳවා තිබිණ. ඉතා කෙටි නඩු විභාගයක් වූ එය විනාඩි 04කට සීමාවිය.

සාක්ෂි දීම සඳහා සැකකාර 19 හැවිරිදි ෆැබ්‍රියෝ ද සොයිසා ඔටාවා අධිකරණය හමුවේ දුරකථන මාර්ගයෙන් සම්බන්ද වී සිටියේය. ඔහුගේ හඬ ඇසෙනු ඇතැයි නීතීඥයා පැවසූ විට දුරකථන මාර්ග ඔස්සේ ෆැබ්‍රියෝ ඔහුගේ නම සහ වයස කෙඳිරිලි හඬින් පවසා සිටියේය. විශෝධන නිලධාරියා එය උස් හඬින් පවසන ලෙස කියා සිටියේය.

අධිකරණ විභාගයේදී පිළිතුරු ලබාදීම සඳහා සැකකරු ඉංග්‍රීසි භාෂාව තෝරාගෙන ඇති අතර මීළඟ නඩු විභාගය ලබන 28 වනදා පැවැත්වීමට ඔටාවා අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධිය වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් විශාල පිරිසක් කුඩා අධිකරණ ශාලාවේ රැස්වී සිටි බව සඳහන් වේ.

සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා මේ වනවිට ඔටාවාහී කාලෙටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබේ. ඔහුගේ මානසික තත්ත්වය සම්බන්දයෙන් ඇගයීමක් සිදුකළ යුතු බව එරට නීති විශාරදයෝ පෙන්වා දෙති.

කැනේඩියානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ඝාතන සිදුකිරීමට හේතුව තවමත් සොයාගෙන නොමැති බවයි.

සැකකාර ෆැබ්‍රියෝගේ නීතීඥ ඉවාන් ලිට්ල් අධිකරණයෙන් පිටතදී මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ෆැබ්‍රියෝගේ පවුලේ අය සමග ඔහු කථා කළ නමුත් ඔවුන් සිටින්නේ කොහේදැයි යන්න පැවසිය නොහැකි බවයි. කෙසේවුවද ඔවුන් ශ්‍රී ලංකාවේ පදිංචිව නොමැති බව ද ඔවුන් දැඩි කම්පනයට හා කළබලයට පත්ව සිටින බවද ඔහු පවසා තිබේ.

මියගිය දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ මේවනවිටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ පියා සහ සොහොයුරා කැනඩාවට ගොස් සිටින අතර මියගිය අයගේ දේහ පිළිබඳ අවසන් කටයුතු මේ සති අන්තයේ සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!