1.3 C
New York

හවුති ප්‍රහාරයට ලක්වූ නැවේ සිටි ලාංකිකයෙකුට තුවාල

Published:

ඒ්ඩ්න් බොක්කේදී හවුති මිසයිල ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇතැයි ශ්‍රී ලංකා නාවුක හමුදාව පවසයි. මෙම නෞකාවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු සිටි බවට වාර්තා වී තිබිණ. මොවුන් දෙදෙනා ඒම නෞකාවේ ආරක්ෂකයින් ලෙස සේවය කර ඇත.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ මෙහි කාර්යමණ්ඩලයේ 20 දෙනෙක් සහ ආරක්ෂකයින් තිදෙනෙක් සිටියහ. මිසයිල ප්‍රහාරය හේතුවෙන් කාර්ය මණ්ඩලයේ තිදෙනකු මියගිය අතර ඔවුගෙන් දෙදෙනකු පිලිපීන ජාතිකයන් වන අතර අනෙකා වියට්නාම ජාතිකයෙකු විය.

මිසයිල ප්‍රහාරයෙන් නැව ගිනිගත් බැවින් ඒය අත්හැර දැමීමට සිදුවූ බව නැව් සමාගම පවසයි. ඉන්දියානු යුධ නෞකාවක් විසින් නැවේ කාර්යමණ්ඩලය බේරාගනු ලැබීය. නැව් සමාගම පවසන්නේ තුවාල ලැබූවන් අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නන් ද සිටින බවයි.

Related articles

Recent articles

spot_img