spot_img
spot_imgspot_img

මහ බැංකුවේ, වැටුප් වැඩිකරගත් හැටි මෙන්න

පුවත්

විදෙස්

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුගේ මාසික දළ වැටුප රුපියල් 900,000.00 සිට 1,700,000.00ක් ද කාර්යාල කාර්ය සහායකයකුගේ මාසික වැටුප රුපියල් 188,000.00ක් දක්වා ඉහළ නංවා ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

කාර්යාල සහායක පන්තියේ පළමු ශ්‍රේණියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් 145,773. නව වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් 188,827.00 දක්වා ඉහළ දමා ඇත. එය රුපියල් 43,054.00 ක වැඩිවීමකි.

එමෙන්ම එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහා ද වැටුප් වැඩි වී ඇති අතර කාර්යාල සහායක තුන්වැනි පන්තියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් 164,634.00 සිට 223,763.00ක් දක්වා ඉහළ දමා ඇත. එය රුපියල් 59,129.00ක වැඩිවීමකි.

කළමනාකාර සහකාර පන්තියේ ශ්‍රේණි 05ක් සඳහා ද වැටුප් වැඩිකර තිබේ. එහි පළමු පන්තියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් 173,953.00කි. එය රුපියල් 241,623.00ක් දක්වා ඉහළ නංවා ඇති අතර 67,670.00ක වැටුප් වැඩිවීමකි.

කළමනාකාර සහකාර පන්තියේ පස්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් 272,809.00ක් වන අතර එය රුපියල් 421,184.00ක් දක්වා රුපියල් 148,375.00කින් ඉහළ දමාගෙන තිබේ.

එමෙන්ම ඉහළ ප්‍රතිශතවලින් වැටුප් ඉහළ නැංවුණු තවත් කාණ්ඩයක් වන්නේ මාණ්ඩලික පන්තියයි. 

එහි පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් 331,574.00ක් වූ අතර එම වැටුප රුපියල් 185,074.00කින් වැඩි කරගෙන ඇති බැවින් මේ වනවිට වැටුප රුපියල් 526,648.00ක් බවට පත්ව ඇත.

මාණ්ඩලික පන්තියේ තවත් ශ්‍රේණි හතරක් සඳහා ද වැටුප් ඉහළ නංවා තිබේ. 

ඒ අනුව මාණ්ඩලික පන්තියේ සිව්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මාසික දළ වැටුප රුපියල් 606,227.00 සිට රුපියල් 1,049,430.00ක් වැනි ඉහළ අගයක් දක්වා වැඩි කරගෙන ඇත්තේ එකවර රුපියල් 443,203.00ක වැටුප් වර්ධකයක් හිමිකර ගනිමිනි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණිය යටතේ සහාකාර අධිපතිවරයෙකුගේ වැටුප වැඩි වී ඇත.

ඒ අනුව රුපියල් 716,773.00ක් වූ සහකාර අධිපතිවරයකුගේ වැටුප රුපියල් 1,260,170.00ක් දක්වා ඉහළ නංවා තිබේ. එය රුපියල් 550,397.00ක වැටුප් වර්ධකයකි.

මාණ්ඩලික පන්තිය යටතේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් 970,662.00ක්වූ අතර නව වැටුප් වැඩිවීමත් සමග එම මාසික දළ වැටුප රුපියල් 1,728,419.00ක් දක්වා ඉහළ නංවා තිබේ. 

එම වැටුප් වැඩි වීම රුපියල් 751,757.00කි.

එමෙන්ම සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් 434,075.00ක් වූ අතර එය රුපියල් 812,095.00ක් දක්වා රුපියල් 378,020.00කින් වැඩිකර තිබේ.

එමෙන්ම නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් 584,775.00කි. එම වැටුප රුපියල් 1,105,045.00දක්වා රුපියල් 520,2700.00කින් වැඩි කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!