14.9 C
New York

සුනඛයන් ලක්ෂ 62ක් පාරේ

Published:

දිවයිනේ විවිධ ප්‍රදේශවල අයාලේ යන සුනඛයන් ලක්ෂ 62ක් පමණ සැරිසරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම තත්ත්වය සීගිරිය වැනි සංචාරක ප්‍රදේශවලට බරපතළ ප්‍රශ්න ඇති කර ඇති බවයි. සංඛ්‍යාලේඛනවලට අනුව රට තුළ අයාලේ යන සුනඛයින් ලක්ෂ 62ක් පමණ සිටින බවත්, මෙය බරපතල ගැටළු මතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

සංචාරක ප්‍රදේශවලටද මෙය බරපතළ ප්‍රශ්න මතුවී ඇති බැවින් ඊට විසඳුම් සෙවීම වැදගත් බවද හෙතෙම කීය.

සතුන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නව පනත් ගෙන ඒමට රජය සැලසුම් කර ඇති බව පැවසූ අමාත්‍ය තෙන්නකෝන්, සතුන්ගෙන් සිදුවන ගැටලුවලට සියල්ලටම පෙර විසඳුම් සෙවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

Related articles

Recent articles

spot_img