spot_img
spot_imgspot_img

වැට් බදු සංශෝධනය වෙයි ? රනිල් ගිනි ගොඩකට පැනලා

පුවත්

විදෙස්

වැට් බදු ප්‍රතිශතය පහළ දමන බවත්, පොත්, පාසැල් උපකරණ, සෞඛ්‍ය උපකරණ සහ ඖෂද ඇතුළු භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විනාශ වී තිබූ ආර්ථිකය මේ වනවිට යතාතත්වයට පත්වෙමින් පවතින බැවින් එම පියවර ගැනීමට හැකියාව ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අර්බුදය මැදට පැන ගින්න නිවන්න කිසි කෙනෙකුට හැකි වුණේ නැතැයි ද තමා ගිනිගොඩ මැදට ගිහින් ගින්න නිවන්න පටන් ගත් බවත්  අද රටම ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳින බවත් ඔහු එම ප්‍රකාශය කරන අතරතුර කීවේය.  ජනාධිපතිවරයා කීය.

“මරණයක් සුසාන භූමියට ගෙනයන්න තෙල් ටිකක් ගහගන්න බැරිව හිටපු ජාතියක් අද විනෝද ගමන් යන්නට හැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ විසිහතරකට අස්වැසුම ලබාදෙනවා. පරාටේ නීතිය අත්හිටුවීමට අප පියවර ගත්තා. අපේ මූලික අරමුණ වුණේ බැංකු ශක්තිමත් කිරීම. පළමුවෙන් ම අප කළේ බැංකු ශක්තිමත් කිරීමයි. පිටරට ඉන්න අයගෙන් ඩොලර් සීයක් අරගෙන රට දියුණු කරන්න සිතීම ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි අරගෙන ඉස්කෝලෙ දියුණු කරන්න හිතනවා වගේ වැඩක්.”

1 COMMENT

  1. ඔව් ඔව් අපි මේ ට්රිප් ගිහිල්ලම ලංකාවේ තව යන්න තැනක් නැතුව හොයන ගමන්.. රට නැගිට්ටුවා නං පවුල් ලක්ෂ 24ට සහනාධාර දෙන්නෙ ආදරේ ට ද?? මේ ගොබ්බ කතාවෙ අග මුල ලියලා දුන්න එකාට පැටලිලා.. දුන්න පලියට කියවන එකා කොහොම තේරුම් ගන්නද..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!