spot_img
spot_imgspot_img

කැබිනට් තීරණයක් කුණු කූඩයට ?

පුවත්

විදෙස්

සමනල වැව ජලාශයේ ජල කාන්දුව හේතුවෙන් අපතේ යන ජලය භාවිතා කරමින් කුඩා ජල විදුලිබලාගාරයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණයට ඉවත දැමීමට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා මෙහිදි සඳහන් කළේ සමනලවැව ජලාශයට පහළින් දැනටමත් බලාගාර දෙකක් ඉදිකර ඇති අතර තවත් බලාගාරයක් ජලාශයට ආසන්නයෙන් ඉදිකිරිමට අවසර ඉල්ලා ඇති බවයි.

එවැනි බලාගාරයක් ඉදිකිරිම සමනලවැව වේල්ලට හානි විය හැකි බවට එම නියෝජිතයා පෙන්වා දුන්නේ ය.

වසර දහ අටකට පසුව සමනල වැව ජලාශයේ උපරිම ජල මට්ටමට පැමිණ ගිය වසරේ පිරී වාන් දැමු බවද කී එම නියෝජිතයා වාන් දමන ජලය පිටකරන ඇළ මාර්ගයේ මෙම කුඩා පරිමාන ජල විදුලි බලාගාරය ඉදිකිරිමට ජනපතිගේ, අගමැතිගේ සහ කැබිනට් මණ්ඩලයේ පවා අනුමැතිය හිමිව ඇති බවද කීවේ ය.

පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කමිටුව හමුවේ සමනලවැව ජලාශයේ ජලකාන්දුව කිසිදා වැසිය නොහැකි යැයි සාක්කි දුන් පුද්ගලික ආයතනයේ ඉංජිනේරුවරයා යෝජිත කුඩා පරිමාන විදුලි බලාගාරය ඉදිකිරීමේ කණ්ඩායමේ සාමාජිකයකු බව ද කීවේ ය.

ඔහු එවැනි ස්ථාවරයක් මතු කර ඇත්තේ පුදුගලික විදුලි බලාගාරය ඉදිකිරිමට දේශපාලනඥයින්ගේ අවධානය දිනා ගැනීමට යැයි ද කීවේ ය.

එහෙත් පසුගිය වසරේ සමනලවැව ජලාශය පිරිමෙන් පසු මෙගවොට් 120ක විදුලිය ජනනය කර රුපියල් බිලියන හයක මුදලක් රටට ඉතිරිකර දිමට සමනලවැව ජලාශය නිසා හැකිවු බව ද එහි දී අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!