spot_img
spot_imgspot_img

ගුවන් ගමන් 03ක් අවලංගුයි, 10ක් ප්‍රමාදයි

පුවත්

විදෙස්

ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 03ක් අද (27) අවලංගුකර දමා ඇති අතර ගුවන් ගමන් වාර 10කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ඇත.

පසුගිය ඉරිදා දිනයේ දී ද ගුවන් ගමන්වාර 04ක් ප්‍රමාදවීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් ද හටගෙන තිබිණි.

‍ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ ගුවන් ගමන් ප්‍රමාදවීම යථා තත්වයට පත්කිරීමට දින 05ක පමණ කායක් ගතවන බවයි. ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර ප්‍රමාදවීම සහ ඇතැම් ගමන් වාර අවලංගුවීමේ සිද්ධීන් පසුගිය කාලය පුරා වාර්තා වූ අතර එහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් ඉරිදා ය.

එහිදී අපහසුතාවට පත්වූ ගුවන් මගීන්ගෙන් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල සේවකයින්ට දැඩි දෝෂාරෝපණ එල්ලවූ අතර ගුවන්යානයක මීයෙකු සිටීම ගුවන් ගමන් ප්‍රමාදයට බලපෑ බව විෂයභාර ඇමතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවති සාකච්ඡාවේදී අනාවරණ විය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රීලංකන් සභාපතිවරයා පැවසුවේ අර්බුදයට ප්‍රධාන හේතුව ගුවන්සේවය සතුව ප්‍රමාණවත්  ගුවන්යානා නොමැතිවීම බවයි. 

එවන් පසුබිමක අද නැවතවරක් ගුවන් ගමන්වාර 10 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද විය.

එසේම ගුවන් ගමන්වාර  03කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේදී අවලංගුවී ඇති බව වාර්තාවිය.

ඒ අතර ශ්‍රීලංකන් ගුවන්සේවය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත චෙන්නායි, බැංගලෝර් සහ අබුඩාඩි යන ගමනාන්ත වෙත සිදු කිරීමට නියමිතව තිබූ ගුවන්වාර අවලංගු කිරීමටද සිදුව තිබුණි.

මේ අතර ගුවන්ගමන් ප්‍රමාදය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇතිවන අර්බුදකාරී තත්ත්වය පාලනයට විකල්ප සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉන්ජිනේරු අතුල ගල්කැටිය මහතා පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!