spot_img
spot_imgspot_img

පාසල් දරුවන් 30ක් සමඟ බසයක් ඇළේ

පුවත්

විදෙස්

පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (26) අම්පාර උහන, උදයගිරි ප්‍රදේශයේ ඇළකට පෙරැළීමෙන් දරුවන් හතර දෙනකු තුවාල ලබා අම්පාර මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

උහන කණිෂ්ඨ විද්‍යාලයේ ළමයින් නිවෙස් බලා රැගෙන යමින් සිටිය දී එම රථය අනතුරට ලක්ව ඇත.

පාසල් දරුවන් නිවෙස් අසළින් බස්සවමින් ඇළ අයිනෙන් ගමන් කරමින් සිටිය දී නිවසක සිට එකවරම පාරට ගත්  ට්‍රැක්ටරයක් බසයේ වැදීම හේතුවෙන් බසය ඇළට පෙරැළී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පාසල් දරුවන්30ක් පමණ සිටි බවත් ගම්වැසියන් පැමිණි බසයේ ඉදිරිපස වීදුරුව කඩා දරුවන් එළියට ගත් බවත් පොලිසිය පවසයි.

රෝහල්ගත කළ දරුවන් හැර තවත් දරුවන් පිරිසකට සුළු තුවාල සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!