spot_img
spot_imgspot_img

චම්පික සිරිකොතට යයි. දේශපාලන පෙරැළියක පෙරනිමිති ?

පුවත්

විදෙස්

ජනාධිපතිවරණයට සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටිය දී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළ නියෝජිතයන් පිරිසක් අද (24) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූහ.

එම හමුවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණය නියමිත කාලයට  පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුල දී පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේ දී සිදුකෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කරගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි. දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කරගැනීමට තමා පසුබට නොවන බවයි.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!