spot_img
spot_imgspot_img

රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය කළ හැකි නව නීතියක් එයි

පුවත්

විදෙස්

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නව නීති රීති ගෙන ඒමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන අරමුදල්වලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක්  කිසිදු අධීක්ෂණයකින් තොරව වියදම් කරන බවට වාර්තාවීම හේතුවෙන් මෙවැනි නව නීති සකස් කිරීමට රජය තීරණය කර ඇත.

‘රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත් කෙටුම්පතේ අවසන් කෙටුම්පත මේ වනවිට සූදානම් කර තිබේ. එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර රාජ්‍ය නොවන සංවිධාන සහ තනි පුද්ගල ක්‍රියාකාරීන් අතට මේ වනවිට පත්කර ඇති අතර ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට සති තුනක කාලයක් ලබා දී තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්, සංජීව විමලගුණරත්න පවසන්නේ නව  පනත් කෙටුම්පත බලාත්මක වූ පසු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු බවයි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මේ වන විට ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී නොමැතිව කිසිදු අධීක්ෂණයකින් තොරව කටයුතු කරගෙන යන බව වාර්තා වී ඇතැයි ද ඔහු කීවේය.

“රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධානවලට ව්‍යාපෘති සඳහා පසුගිය වසරේ රුපියල් බිලියන 33 අරමුදල් රටතුළ කරන ව්‍යාපෘති සඳහා ලබාගෙන තිබේ. කෙසේ වෙතත්, ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන රාශියක් රට තුළ ක්‍රියාත්මක වන බැවින් අවම වශයෙන් රුපියල් බිලියන 100ක් තරම් මුදලක් රටට ලැබෙන බවත් එයින් අඩකටත් වඩා මේ අධීක්ෂණයට ලක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම නව පනත සම්බන්ධයෙන් තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට තවත් මාස තුනක කාලයක් ලබාදෙන ලෙස සංවිධාන බොහොමයක් ඉල්ලීම් කර තිබිනි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණනරත්න කියා සිටියේ දැනට ලබා දී ඇති සති තුනක කාලය දීර්ඝ කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

“ඔවුන් අවසන් වරට තම යෝජනා ඉදිරිපත් කළේ 2023 ජනවාරි 31 වැනිදා. දැන් අපි ඒවා ඇතුළත් කරමින් පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා. අතීතයේ දී, කෙටුම් පත් දෙකක් සකස්කරලා තිබුණා එකක් 2017 දී සහ අනෙක 2020 දී. අපි මෙම අතීත කෙටුම්පත් දෙකෙහි අන්තර්ගතය සැලකිල්ලට ගෙන නවතම පනත් කෙටුම්පතක් සකස් කර තිබෙනවා. ඒ නිසා අපිට තවත් කල් දෙන්න බැහැ,” ඔහු පැවසීය.

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් මුවාවෙන් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා මෙවැනි නීතියක් පැනවීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

“මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති තිබීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති අවශ්‍යතාවයකි. ඒ නිසා අපි මේ පනත සම්මත කළ යුතුයි. තව මාස දෙකකින් ඒක කරනවා.”

මේ වන විට ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන 1,786 ක් ජාතික මට්ටමින් ද, 1,636 ක් දිස්ත්‍රික් මට්ටමින් ද, 38,524 ක් ප්‍රාදේශීය මට්ටමින් ද ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!