spot_img
spot_img
spot_imgspot_img

පකිස්ථාන මැතිවරණය: ඉම්රාන්ගේ පක්ෂය ඉදිරියෙන්

පුවත්

විදෙස්

පකිස්ථාන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂයේ සහාය ලබන ස්වාධින අපේක්ෂකයින් ඉදිරියෙන් සිටින නමුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර බලය කිසිම පක්ෂයක් විසින් දිනාගෙන නොමැත.

පාකිස්ථාන පාර්ලිමේන්තුව වන ජාතික සභාවේ ආසන 366ක් ඇති අතර ආණ්වක් පිහිටුවීම සඳහා සරල බහුතරය ලෙස ආසන 166ක් අවශ්‍ය වේ.

ස්වාධීන අපේක්ෂකයන් ආසන 101ක් දිනා ඇති අතර ඒයින් 93ක් පීටීඅයි පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයන් වේ. අගමැති නවාස් ෂරීෆ්ගේ පක්ෂය දිනා ඇත්තේ ආසන 75කි.

කෙසේවුවද හමුදාවේ අනුග්‍රහය ද ඇතිව මැතිවරණයට ඉදිරිපත් වූ අගමැති නවාස් ෂරීෆ් ඒක්සත් රජයක් පිහිටුවීමට ඔහුට උදව් කරන ලෙස අනිකුත් පාර්ෂව වලින් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඒහෙත් ප්‍රවීණයන් අනතුරු අඟවා ඇත්තේ පාකිස්තානය “දිගුකාලීන දේශපාලන අස්ථාවරත්වයකට” මුහුණ දිය හැකි බවයි.

පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ, අවම වශයෙන් ජාතික සභා ආසන 18ක ප්‍රතිඵල මැතිවරණ නිලධාරීන් විසින් “ව්‍යාජ ලෙස වෙනස් කර ඇති” බව PTI පක්ෂය කියා සිටි බවයි.

රාවල්පිණ්ඩි නගරෙය් මැතිවරණ ෙකාමිෂන් ස‌භාව ඉදිරිපිට අදත්(11) බොහෝ පිරිස් විරෝධතා දැක්වූහ. පිරිස විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් භාවිතා කළ අතර ඉස්ලාමාබාද් පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන්ට එරෙහිව පියවර ගන්නා බවයි.

https://www.bbc.com/news/world-asia-68266845

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles

error: Content is protected !!