spot_img
spot_imgspot_img

ආර්ථික ප්‍රතිපත්ති නිසා, රජය කඩාවැටෙන බව රනිල් කියයි

පුවත්

විදෙස්

දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා රජය සම්පූර්ණයෙන් ම බිඳවැටිය හැකි වුව ද රටේ ආර්ථික ගැටලුව විසඳීම සඳහා එසේ සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්විට්සර්න්තයේ දී “ණය අර්බුදය නිසා බිඳවැටීමට ලක් වූ ආර්ථිකයන් පකෘතිමත් කිරීම” නමින් පැවති සංවාදයකට එක්වෙමින් කීවේය.

ස්විට්සර්ලන්තයේ ‍ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ දී මෙම සංවාදය පැවැත්විණි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අිට ඇති ප්‍රධාන ගැටලුව ණය නැවත පියවීමයි. අපගේ ගෙවුම් ශේෂයේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම වියදම සඳහා ආදායම ප්‍රමාණවත් නෑ. අපි ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සම්බන්ධයේන හොඳ  ස්ථාවරයක සිටිනවා. දැන් අපිට ධනාත්මක වර්ධනයක් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ වර්ෂයේ 2%ක ආර්ථික වර්ධන වේගය ලබන වසරේ දී 4%ක් හෝ 5%%ක් දක්වා ඉහළ දමා ගැනීමට අපේක්ෂා කරනවා. අපි අපේ ආදායම ඉහළ දැමීමට අපේක්ෂා කරන අතර අපේ සමස්ත වියදම එකතු කිරීමේ පද්ධති ප්‍රතිසංස්කරණයට ලක්කරමින් සිටිනවා. ගෙවුම් ශේෂ ගැටලුව විසඳා ගැනීම සඳහා අපි නව ආයෝජන අවස්ථා ආකර්ශනය කරගැනීමට සොයා බලනවා. බොහෝ රටවල් තම ආදායමට වඩා වියදම් දරනවා. මේ දෙක සමපාතව තබාගන්නේ කෙසේ ද ? අපි දන්නවා දැඩි ආර්ථික නීතිරීති අනුගමනය කිරීම තුළින් රජයක් සම්පූර්ණයෙන් ම කඩා වැටීමට ලක්වීමට ද හැකියාවක් පවතින බව. ඒ වගේම නිවාස, අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධයෙන් ද දැඩි ඉල්ලුමක්  පවතිනවා. අපි මේ ප්‍රශ්න සම්බන්ධයේන ඉතා හොඳින් විචක්ෂණශීලීව බැලිය යුතුයි. අපි ආර්ථික ගැටලුවට මුහුණ පෑවේ ආපසු ගෙවීමේ සැළැස්මක් නොමැතිව වෙළෙඳාම් කළ නොහැකි  භාණ්ඩ වෙනුවෙන් ණය ලබාගැනීම නිසා. අද අපේ ප්‍රමුඛතාව ලබා දී තිබෙන්නේ මේ මූල්‍ය ගැටලුව විසඳීම සඳහායි. ශ්‍රී ලංකාවේ අපට මෙය කළමනාකරණයකළ හැකි බවයි මගේ විශ්වාසය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!