spot_img
spot_imgspot_img

එක්සත් ජාතීන්ගෙන්, ශ්‍රී ලංකාවට ලොකු චෝදනාවක් ?

පුවත්

විදෙස්

මත්ද්‍රව්‍ය භාවිතා කරන බව කියමින් පසුගිය දෙසැම්බර් 12 වැනි දා සිට පුද්ගලයන් 29,000ක් අත්අඩංගුවට ගෙන, ඔවුන්ට අයහපත් ලෙස සළකමින් වධහිංසා පමුණුවා ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ ආරක්ෂක අංශ විසින් සෝදිසි වරෙන්තු නොමැතිව වැටලීම් සිදු කර ඇති බවත්, මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සහ භාවිතා කරන්නන් යැයි සැක කෙරෙන අය රඳවා තබාගෙන සිය ගණනක් හමුදාව විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි වාර්තා වී ඇති බවයි. මෙම මෙහෙයුම් අතරතුර සහ ඉන් පසුව, අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම, අයහපත් ලෙස සැලකීම, වධහිංසා පැමිණවීම සහ ප්‍රසිද්ධියේ ඇදුම් පවා සෝදිසි කිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් ගණනාවකට පුද්ගලයන් ලක් වී ඇති බව වාර්තා වේ. 

“මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට බරපතළ අභියෝගයක් වන නමුත්, දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශය විසඳුම නොවේ. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ එයට තුඩු දෙන සාධක ප්‍රථමයෙන්ම මහජන සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න වේ. මත්ද්‍රව්‍ය විකිණීම හෝ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයන්ට මානුෂීය සැලකීමට හිමිකම් ඇති අතර, නියමිත ක්‍රියාවලියට පූර්ණ ගෞරවයෙන් සහ විනිවිද භාවයෙන් යුක්තව, සාධාරණ නඩු විභාගවලට යටත්විය යුතුය.

මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ට ඇබ්බැහි වීමේ හේතූන් විමසීමට සහ ඔවුන් නැවත සමාජගත කිරීමට උපකාර වන සුදුසු සහය සහ වැඩසටහන් සැපයිය යුතුය. මත්ද්‍රව්‍ය භාවිතය සාපරාධීකරණය කිරීම සහ පුද්ගලික භාවිතය සඳහා මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම ඇතුළුව ඵලදායී ඖෂධ ප්‍රතිපත්ති සකස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය වසරේ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමින් වාර්තාවක් නිකුත් කළේය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ එහි දැනට ක්‍රියාත්මක වන “යුක්තිය” මෙහෙයුම සමාලෝචනය කරන ලෙසත්, සමාජයේ පවතින නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටළු විසඳීමේ දී මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයන්, විශේෂයෙන් සෞඛ්‍ය සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ය. අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම, වධහිංසා පැමිණවීම සහ අයහපත් ලෙස සැලකීම සහ නියමිත ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාග අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම යන චෝදනා තරයේ සහ අපක්ෂපාතීව විමර්ශනය කර යුක්තිය ඉටු කළ යුතුය, ”ප්‍රකාශකයා පැවසීය.

1 COMMENT

  1. ඔන්න දැන් පටන් ගන්න යන්නෙ ඇත්තම යුක්තිය මෙහෙයුම… මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච උන්ව අල්ලලා මත් ද්‍රව්‍ය තුරන් කරන්න පුළුවන් කියලා හිතන තරමට ගොබ්බ කතා ප්‍රචාරය කරන එකේ යටි අරමුණ පත්වීම ස්ථිර කරගන්න එක කියලා නොතේරෙන කවුරුවත් ඉන්නවද??

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!