spot_img
spot_imgspot_img

විමල්, වාසු, ගම්මම්පිල ‌ජවිපෙට අත දිගුකරයි ?

පුවත්

විදෙස්

ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව සන්ධානයක් ගොඩනැගීම සඳහා විමල් වීරවංශ සහ උදය ගම්මම්පිල විරුද්ධ නැතැයි ද IMF කොන්දේසිවලට එරෙහි දේශපාලන සන්ධානයක් ගෙඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ එක්විය යුතුයැයි ද වාසුදේව නානායක්කාර පවසයි.

උත්තර ලංකා සන්ධානය නමින් ගොඩනගාගත් දේශපාලන පක්ෂය මේ වනවිට දෙදරා ගොස් තිබේ. එවැනි තත්වයක් තුළ එහි සාමාජිකයකු වන වාසුදේව නානායක්කාර මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. 

රටේ ජනතාව IMF කොන්දේසි හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවත් පවසන වාසුදේව නානායක්කාර, එය පරාජය කරනවා හැර වෙනත් කිසිම දේශපාලනයක් තිබිය නොහැකියැයි ද පවසයි.

ඔහු පවසන්නේ IMF කොන්දේසිවලට විරුද්ධව කටයුතු කරන දේශපාලන කඳවුරේ වැඩිම ජන ප්‍රසාදයක් දිනා ඇති පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බැවින්,  ජනතාවාදී දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ජනතා විමුක්ති පෙරමුණන, පෙරමුණ ගත යුතු බවත් විමල් වීරවංශ සහ උදය ගම්මම්පිල  දෙදෙ‌නා ද ඊට වීරෝධයක් නොදක්වන බවත් වාසුදේව නානායක්කාර වැඩිදුරටත් කීවේය.

9 COMMENTS

  1. විමල් රෙදි ඇඳ ගෙනද nppp එකට එන්න හදන්නේ …හොඳට තිබ්බ පක්ෂේ 3%බහින්න මුල් උනේ මේ ගොතය තමා… මූ නම් වද්ද ගන්න එපා…

    • මම හිතන්නේ පක්ෂය ඇතුලට වැද්දගැනිම කෙසේ වෙතත් විමල්ලට් එලියේ ඉදලා NPP එක වෙනුවෙන් කතාකරල ජන මතය හදන්න පුලුවන්

  2. ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය මූලික කරගත් දේශපාලන පක්ෂ දෙකක් වන මුලයාම් සිං යාදෙව් නායකත්වය දරණ සමාජ්වාදි පක්ෂය (SP) සහ මායාවති නායකත්වය දරන බහුජන් සමාජ්වාදී පක්ෂය (BSP) අතීශය දරුණු විරුද්ධවාදීන් දෙපිරිසකි. ඔවුන් දෙපිරිස බොහෝ විට දරුණු ප්‍රචණ්ඩ ගැටුම් පවා ඇතිකරගනී. ජීවිත හානි පවා වාර්තා වේ. නමුත් ඔවුන් පසුගිය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය අවස්ථාවේදි භාරතීය ජනතා පක්ෂයට විරුද්ධව සන්ධානයක් පිහිටුවා ගන්නා ලදි. එය මහා ගත් භන්ධන් ලෙස නම් කෙරුණි. එකිනෙකා මූණටවත් මුලිච්චි නොවීමට අකමැති උසස් යැයි සම්මත කුළයේ මුලයාම් හා අඩු යැයි සම්මත කුළයේ මයාවති එක් වේදිකාවකට ගොඩවී එකිනෙකා අත්වැල් බැදගන්නා ලදි. (නමුත් එම මැතිවරණයෙන් බීජේපිය විශිෂ්ඨ ජයක් ලබා යෝගී ආදිත්‍යනාත් නැවත මහ ඇමතිවරයා විය.) මේ හෑල්ලෙන් මා කියන්නට උත්සාහ කරන්නෙ දේශපාලනයේදි අවශ්‍යතාවය මත සන්ධාන ගත වීමට නොපැකිලිය යුතු බවය.

    • මෙහි “මූණටවත් මුලුච්චි වීමට අකමැති” යනුවෙන් නිවැරදි විය යුතුය.

  3. වාසුදේව යනු අවු 90කට ආසන්න වයසක් ඇති, එහෙත් හොරකම් නොකළ අවංක දේශපාලකයෙකි. ඔහුගේ වයස ගැන අප සිතබැලිය යුතුය. ඔහු කියන දේ කිසිදු කල්පනාවකින් තොරව, හේතු මුලයක් නොමැතිව ඉබාගාතේ කතාකරන තත්වයකට පත්ව තිබේ. ගම්මන්පිල ගැන කියන මේ තොරතුර අමුලික අසත්‍යයකි

  4. අනුර කුමාර සහෝදරයා මාලිමාවට මේ පාර දිනන්න තියෙන Chance එක නැති කර ගන්න හදන්න එපා නාකි හොර හම්පඩයො එකෙක් ගන්න එපා.අනික තමා පුළුවන්නම් ගම් මට්ටමේ නගරසභා ප්‍රාදේශීය සභා වලට ඒ ගම්වල පිලිගත් පුද්ගලයින් දාන්න , ගම් වලට දාලා ඉන්න සමහර පුද්ගලයින් ගම් වලින් පිලිගන් නෑ ඒක නිසා මාලිමාවට ජන්දේ දෙන්න හිතුනත් පුද්ගලයා නිසා දෙන්නැ කියනවා

  5. බල්ලා මැරෙන බව දන්නා මැක්කො කලබල වී ඇත,උඹලත් බල්ලා සමගම දේශපාලනයෙන් වඳවී යායුතුයි,,,,එසේ නොමැතිනම් බන්ධනාගාර ගත විය යුතුයි,,,,,,,,,,,,,,,,,,,,,,,,,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!