spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකික කාන්තාවක‍ගේ උදරයෙන් තෙල් ලීටර 13.5ක් ගනී

පුවත්

විදෙස්

කාන්තාවකගේ උදරයෙන් මේදය  (Fat) ලීටර 13.5ක් ශල්‍ය කර්මයක් මගින් ඉවත්කළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන පවසයි.

මෙම සැත්කම සිදුකර ඇත්තේ පුද්ගලික රෝහලක දී ය. වෛද්‍ය ආනන්ද ජයවර්ධන පවසන්නේ උදරයේ ඇති අනවශ්‍ය තෙල් ඉවත්කිරීමේ සැත්කම් බහුලව සිදුකෙරුණ ද එවැනි අවස්ථාවක ඉවත් කරන්නේ සාමාන්‍යයෙන් මේදය ලීටර 4-5ක උපරිම ප්‍රමාණයක් බවයි.

එවැනි මේදය ලීටර 13.5ක් වැනි විශාල ප්‍රමාණයක් ඉවත්කිරීමේ සැත්මක් පිළිබඳ ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන් ද තොරතුරු නැතැයි වෛද්‍යවරු කියති.

Liposuction ලෙස හඳුන්වන මේදය ඉවත්කිරීමේ සැත්කම සිදුකිරීමට පැය 03ක පමණ කාලයක් ගත වී තිබේ. මෙලෙස සැත්කම කර ඇත්තේ වයස අවුරුදු 61ක් වූ කාන්තාවකටය. අධි රුධිර පීඩනය, තරබාරුව, කොන්දේ වේදනාව සහ ඇවිදීමේ අපහසුව වැනි රෝග තත්වයන්  ‍හේතුවෙන් ඇය දැඩි පීඩාවකින් පසු වූ බත් මේ නිසා සැත්කම සිදුකර ඇත.

පළමුවෙන් ඇයට ස්ථූලතාව අඩුකරන Bariatric නමැති සැත්කම කර ඇත. ඉන් පසුව ස්ථූලතාව අඩුවුවත් උදරය සීඝ්‍රයෙන් පිටතට නෙරාඒම නිසා මේදය ඉත්කිරීමේ සැත්කම ඊයේ  (12) සිදුකර තිබිණි.

වෛද්‍යවරයා පවසන්නේ ඇය මේ වනවිට ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!